ගුවන් ගමනක් අතරමැද කොවිඩ් සෑදී යානයේම පැය පහක් හුදෙකලාවූ ගුරුවරිය

චිකාගෝ සිට අයිස්ලන්තයේ Reykjavik දක්වා ගමන් කරමින් සිටියදී එක්සත් ජනපද පාසල් ගුරුවරියක් කොවිඩ් -19 සඳහා ධනාත්මක ලක්ෂණ පෙන්නුම් කර තිබෙනවා.

පියාසැරිය අතරතුරදී  Covid-19 ආසාදනය වීම නිසා  ඇය ගුවන් යානයේ  වැසිකිළියක ස්වේච්ඡාවෙන් පැය පහක් ස්වයං හුදකලාව ගත කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

Marisa Fotieo නම් මෙම ගුරුවරිය පවසා තිබෙන්නේ  චිකාගෝ සිට අයිස්ලන්තයේ Reykjavik දක්වා ගමන් කරමින් සිටියදී ඇයගේ උගුර රිදෙන්නට ගත බවයි.

පසුව ඇය රැගෙන ආ  කොවිඩ් පරීක්ෂණ කට්ටලයක් මගින් පරීක්ෂණයක් කළ පසු ඇය ආසාදනය වූ  බවට තහවුරු වී තිබෙනවා.

ඇය ගුවන් ගමනේ  ඉතිරි කාලය ගත කර ඇත්තේ වැසිකිළියේ රැඳී සිටිමින් වන අතර ගුවන් සේවිකාවක් ඇයට ආහාර පාන ලබා දී තිබෙනවා

ගුවන් යානයට ගොඩවීමට පෙර ඇය Covid-19 පරීක්ෂණයක් සිදු කලාද නැතිද යන්න තවමත් පැහැදිලි නැහැ

මිචිගන්හි සිට පැමිණි ෆොටියෝ මහත්මිය පවසා තිබෙන්නේ “  ගුවන් ගමනේ 150 දෙනෙක් සිටියා.

මගේ ලොකුම බිය වූයේ එය ඔවුන්ට වැළඳෙයි කියන එකයි.

ඒ වගේම ගුවන් සේවිකාව  පැය පහ සඳහාම මට අවශ්‍ය සෑම දෙයක්ම ආහාරපානවල සිට බීම දක්වා ලබා දුන්නා

එමෙන්ම  මම හොඳින් සිටින බවට සහතික වෙමින් මාව නිරන්තරයෙන් පරීක්ෂා කළා,” යනුවෙන් ඇය පවසා සිටිනවා

අයිස්ලන්තයට පැමිණීමෙන් පසුව හෝටලයක නැවතී ඇය නිරෝධානයට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44