ගුවන් අනතුරින් මියගිය අයගේ අනන්‍යතාව හෙළිවෙයි

පුද්ගලයන් 72 දෙනෙකු සමඟ කඩා වැටුණු නේපාල ගුවන් යානයේ ගමන් කළ පුද්ගලයන් 40කගේ පමණ සිරුරු සොයාගෙන තිබෙනවා.

කත්මණ්ඩු නුවර සිට සංචාරක නගරයක් වන Pokhara වෙත පැමිණි Yeti එයාර්ලයින්ස් ගුවන් යානය ගොඩබෑමේදී යි කඩා වැටී ගිනිගෙන ඇත්තේ.

විදේශිකයන් 15 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හතර දෙනෙකු ඇතුළුව මගීන් 68කට වැඩි පිරිසක් යානයේ සිට ඇති බව සඳහන්.

ගුවන් තොටුපළේ සිට කිලෝමීටර් එකහමාරක් පමණ දුරකදී යානය අනතුරට ලක්ව තිබෙනවා.

අගමැති පුෂ්ප කමල් දහාල් ද සිය කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවා ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා කටයුතු කරන ලෙසට රාජ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කළා.

යානයේ ගිය මගීන්ගෙන් 53 දෙනෙකු නේපාල ජාතිකයන් බව සඳහන්.

එමෙන්ම යානයේ ඉන්දීය ජාතිකයින් 5ක්, රුසියානු ජාතිකයන් 4ක් සහ කොරියානු ජාතිකයන් දෙදෙනෙකු ගමන්කර තිබෙනවා. ඊට අමතරව අයර්ලන්තය, ඕස්ට්‍රේලියාව, ආර්ජන්ටිනාව සහ ප‍්‍රංශය යන රටවලින් එක් මගියෙකු බැගින් ද කඩාවැටුණු යානයේ ගමන්කර ඇති බවයි වාර්තා වන්නේ.

නේපාලයේ ගුවන් අනතුරු අසාමාන්‍ය දෙයක් නොවන අතර බොහෝ විට එහි ධාවන පථ සහ අනතුරුදායක තත්ත්වයන් ඇති කළ හැකි හදිසි කාලගුණ වෙනස්වීම් හේතුවෙන් නිරන්තරයෙන් ගුවන් අනතුරු සිදුවනවා.

2022 මැයි මාසයේදී ටාරා එයාර් ගුවන් යානයක් උතුරු නේපාලයේ මස්ටෑන්ග් දිස්ත්‍රික්කයට කඩා වැටී 22 දෙනෙකු මරණයට පත්වුණා.

2018 වසරේ මුල් භාගයේදී බංගලිදේශයේ ඩකා සිට ගමන් ගත් US-Bangla ගුවන් යානයක් Kathmandu වෙත ගොඩබස්වන අවස්ථාවේ ගිනි ගැනීමෙන් 51 දෙනෙක් මිය ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51