spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගුවන් අනතුරින් මියගිය අයගේ අනන්‍යතාව හෙළිවෙයි

පුද්ගලයන් 72 දෙනෙකු සමඟ කඩා වැටුණු නේපාල ගුවන් යානයේ ගමන් කළ පුද්ගලයන් 40කගේ පමණ සිරුරු සොයාගෙන තිබෙනවා.

කත්මණ්ඩු නුවර සිට සංචාරක නගරයක් වන Pokhara වෙත පැමිණි Yeti එයාර්ලයින්ස් ගුවන් යානය ගොඩබෑමේදී යි කඩා වැටී ගිනිගෙන ඇත්තේ.

විදේශිකයන් 15 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හතර දෙනෙකු ඇතුළුව මගීන් 68කට වැඩි පිරිසක් යානයේ සිට ඇති බව සඳහන්.

ගුවන් තොටුපළේ සිට කිලෝමීටර් එකහමාරක් පමණ දුරකදී යානය අනතුරට ලක්ව තිබෙනවා.

අගමැති පුෂ්ප කමල් දහාල් ද සිය කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවා ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා කටයුතු කරන ලෙසට රාජ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කළා.

යානයේ ගිය මගීන්ගෙන් 53 දෙනෙකු නේපාල ජාතිකයන් බව සඳහන්.

එමෙන්ම යානයේ ඉන්දීය ජාතිකයින් 5ක්, රුසියානු ජාතිකයන් 4ක් සහ කොරියානු ජාතිකයන් දෙදෙනෙකු ගමන්කර තිබෙනවා. ඊට අමතරව අයර්ලන්තය, ඕස්ට්‍රේලියාව, ආර්ජන්ටිනාව සහ ප‍්‍රංශය යන රටවලින් එක් මගියෙකු බැගින් ද කඩාවැටුණු යානයේ ගමන්කර ඇති බවයි වාර්තා වන්නේ.

නේපාලයේ ගුවන් අනතුරු අසාමාන්‍ය දෙයක් නොවන අතර බොහෝ විට එහි ධාවන පථ සහ අනතුරුදායක තත්ත්වයන් ඇති කළ හැකි හදිසි කාලගුණ වෙනස්වීම් හේතුවෙන් නිරන්තරයෙන් ගුවන් අනතුරු සිදුවනවා.

2022 මැයි මාසයේදී ටාරා එයාර් ගුවන් යානයක් උතුරු නේපාලයේ මස්ටෑන්ග් දිස්ත්‍රික්කයට කඩා වැටී 22 දෙනෙකු මරණයට පත්වුණා.

2018 වසරේ මුල් භාගයේදී බංගලිදේශයේ ඩකා සිට ගමන් ගත් US-Bangla ගුවන් යානයක් Kathmandu වෙත ගොඩබස්වන අවස්ථාවේ ගිනි ගැනීමෙන් 51 දෙනෙක් මිය ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?