ගුවන්තොටුපොළ සංවර්ධනයට ජපානයෙන් පරිත්‍යාගයක්

කටුනායක ගුවන්තොටුපොළ සහ කොළඹ වරාය තුළ ඉදිරියේදී ඇති විය හැකි වසංගත සහ බෝවන රෝග වැනි හදිසි තත්වයන් සදහා මුහුණ දීමට හැකි වන පරිදි ඒවායේ යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සදහා ජපානය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 8.4 ක් වටිනා උපකරණ ප්‍රදානය කිරීමේ උත්සවයක් අද (10) කටුනායක ගුවන්තොටුපොළ සිල්ක් රූට් මගී පර්යන්තයේදී පැවැත්වුනා.

මෙම උපකරණ පරිත්‍යාග කිරීම සඳහා ජාත්‍යන්තර සංක්‍රමණිකයන් සඳහා වූ සංවිධානය ජපාන රජය වෙත යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කර තිබුණා.

කටුනායක ගුවන්තොටුපොළ සහ කොළඹ වරාය වෙත ගමන් මලු සහ සම්පූර්ණ සිරුරු පරීක්ෂා කළ හැකි අධි තාක්ෂණික පරිලෝකන යන්ත්‍ර, මුහුණු හදුනා ගැනීමේ පද්ධතිවලින් සමන්විත ස්වයංක්‍රීය ප්‍රත්‍යන්ත පාලන ගේට්ටු, ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර පරීක්ෂා කිරීමේ යන්ත්‍ර, ගුවන් මගීන් සහ කාර්යය මණ්ඩලයන්හි පහසුව සඳහා ස්පර්ශයෙන් තොර සන්වේදක මත ක්‍රියාත්මක සනීපාරක්ෂක උපාංගයන්ගෙන් සමන්විත සුහුරු වැසිකිළි 150 ක්, අපද්‍රව්‍ය බැහැර කිරීමට සහ සෞඛ්‍ය වෛද්‍ය සේවාවන් සදහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ මෙම පරිත්‍යාග අතරට අයත් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48