spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගුවන්තොටුපල සේවකයන් උද්ඝෝෂණයක

සේවක වැටුප මත අය කෙරෙන නව බදු ක්‍රමයට එරෙහිව කටුනායක ගුවන් තොටුපළ සේවක සේවිකාවන් අද විරෝධතාවක නිරත වුණා.

කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය ඉදිරිපිට දී මෙම විරෝධතාව පැවැත්වුණේ දහවල් 12 සිට පස්වරු 1 දක්වා කෑම පැයේදී යි.

මෙම උද්ඝෝෂණය සහ විරෝධතා ව්‍යාපාරය ගුවන් තොටුපළ ඒකාබද්ධ වෘත්තිකයන්ගේ එකමුතුව සහ ගුවන් තොටුපළ හා ශ්‍රී ලන්කන් ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කර තිබුණා.

ඊට ගුවන් තොටුපළ කළමනාකරණ ප්‍රධානියා, ප්‍රධාන ගුවන් ගමන් පාළකවරයා, ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරුන්, ගුවන් තොටුපළ ආරක්ෂක ප්‍රධානීන්, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධානීන්, ගුවන් සේවිකාවන්, ගුවන් යානා නඩත්තු සහ කාර්මික අංශයේ සේවකයින් ඇතුළු ගුවන් තොටුපළ සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විවිධ දෙපාර්තමේන්තු නියෝජනය කරන විවිධ මට්ටමේ නිලධාරීන් සහ සේවකයින් එක් වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?