spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගුවන්තොටුපල කොටුව බස් වර්ජනය තවදුරටත්

මාර්ග අංක 187 කටුනායක ගුවන් තොටුපොළ – කොළඹ අතර ධාවනය වන සුඛෝපභෝගී රථ ඊයේ (26) උදෑසන 10සිට ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.

අප වාර්තාකරු සඳහන් කළේ මෙම වර්ජනය හේතුවෙන් කටුනායක තොටුපොළ, කටුනායක නිදහස් වෙළඳ කළාපය සහ කටුනායක ගුවන් භාණ්ඩ ගැල් ගම්මානය (Cargo Village) වෙත පැමිණෙන මගීන්ට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි.

මීට වසර 06කට පමණ විසඳා අවසන් කර තිබූ මාර්ග ගැටලුවක් ගම්පහ දිස්ත්‍රික් 01 කාර්යාලයේ ධාවන කළමනාකරු මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති වෙත වැරදි තොරතුරු ඉදිරිපත් කර ගැටලුව නැවත මතු කර ඇති බවයි වර්ජනයේ නිරත බස් සංගම් පෙන්වා දෙන්නේ.

ඊට විරෝධය පළ කිරීම සදහා මෙම වර්ජනය ආරම්භ කර ඇති බව ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ගම්පහ දිස්ත්‍රික් සභාපතිවරයා ප්‍රකාශ කළා.

මෙම බස් රථ වර්ජනය හෙට සවස 04.30 දක්වා පවත්වා ගෙන යාමට එම තීරණය කර ඇති අතර අනතුරුව අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා හමු වී සාකච්ඡාවක නිරත වීමට බස් සංගමය සැලසුම් කර තිබෙනවා.

එම සාකච්ඡා අසාර්ථක වුවහොත් හෙට සවස සිට මාර්ග අංක 265 මිනුවන්ගොඩ – කොළඹ, මාර්ග අංක 187 කටුනායක – කොළඹ සාමාන්‍ය බස් රථ, මාර්ග අංක 240 මීගමුව – කොළඹ සාමාන්‍ය බස් රථ, මාර්ග අංක 187 ජා-ඇල – කොළඹ සහ රද්දොළුගම – කොළඹ බස් රථ ද මෙම වර්ජනයට එක් වීමට නියමිත බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?