ගුවන්තොටුපල කොටුව බස් වර්ජනය තවදුරටත්

මාර්ග අංක 187 කටුනායක ගුවන් තොටුපොළ – කොළඹ අතර ධාවනය වන සුඛෝපභෝගී රථ ඊයේ (26) උදෑසන 10සිට ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.

අප වාර්තාකරු සඳහන් කළේ මෙම වර්ජනය හේතුවෙන් කටුනායක තොටුපොළ, කටුනායක නිදහස් වෙළඳ කළාපය සහ කටුනායක ගුවන් භාණ්ඩ ගැල් ගම්මානය (Cargo Village) වෙත පැමිණෙන මගීන්ට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි.

මීට වසර 06කට පමණ විසඳා අවසන් කර තිබූ මාර්ග ගැටලුවක් ගම්පහ දිස්ත්‍රික් 01 කාර්යාලයේ ධාවන කළමනාකරු මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති වෙත වැරදි තොරතුරු ඉදිරිපත් කර ගැටලුව නැවත මතු කර ඇති බවයි වර්ජනයේ නිරත බස් සංගම් පෙන්වා දෙන්නේ.

ඊට විරෝධය පළ කිරීම සදහා මෙම වර්ජනය ආරම්භ කර ඇති බව ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ගම්පහ දිස්ත්‍රික් සභාපතිවරයා ප්‍රකාශ කළා.

මෙම බස් රථ වර්ජනය හෙට සවස 04.30 දක්වා පවත්වා ගෙන යාමට එම තීරණය කර ඇති අතර අනතුරුව අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා හමු වී සාකච්ඡාවක නිරත වීමට බස් සංගමය සැලසුම් කර තිබෙනවා.

එම සාකච්ඡා අසාර්ථක වුවහොත් හෙට සවස සිට මාර්ග අංක 265 මිනුවන්ගොඩ – කොළඹ, මාර්ග අංක 187 කටුනායක – කොළඹ සාමාන්‍ය බස් රථ, මාර්ග අංක 240 මීගමුව – කොළඹ සාමාන්‍ය බස් රථ, මාර්ග අංක 187 ජා-ඇල – කොළඹ සහ රද්දොළුගම – කොළඹ බස් රථ ද මෙම වර්ජනයට එක් වීමට නියමිත බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39