ගුරු-විදුහල්පති සංගම්වලට ආරාධනයක්

සෑම ගුරු-විදුහල්පති වෘත්තීය සමිතියකම එක් නියෝජිතයෙකුට ලබන සඳුදා අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවකට සහභාගී වන ලෙස ආරාධනා කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

මේ පිළිබඳව අදහස් දැක්වු මහාචාර්ය කපිල පෙරේරා මහතා,

“අගමැතිවරයා සමඟ සාකච්ඡා කරලා ඊයේ දින තීරණයක් අරගෙන තියෙනවා සියලුම වෘත්තීය සමිතිවල එක් නියෝජිතයෙකුට සඳුදා දිනයේ සාකච්ඡා කරන්න කියලා. ඒ සාකච්ඡාව ඉතා සුබවාදී වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.”

ප්‍රශ්නය – 21 වනදා පාසල් විවෘත කරන්න ඉන්නවා. ගුරුවරු සහභාගී නොවුණහොත් මොකද්ද වෙන්නේ ?

“ඉතාම දැඩි විශ්වාසයක් තියෙනවා මේ පාසල් සඳහා අපේ ගුරුවරු තමන්ගේ දරුවන්ගේ මුහුණ දකින්න පාසලට එයි කියලා.”

මේ අතර ගුරු සංගම් පවසන්නේ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවේදී සිය ගැටලුවට ලබාදෙන නිශ්චිත විසඳුම පැහැදිලි කරගැනීමට බලාපොරොත්තු වන බවය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු ලංකා ගුරු සංගමයේ, ලේකම්, ජෝසෆ් ස්ටාලින්,

“අපි දැක්කා අධ්‍යාපන අමාත්‍යවරයා කරන ප්‍රකාශ. ඔහු දිගින් දිගටම කියන්නේ අයවැයේ දී මෙයට විසඳුමක් අරන් දෙනවා. අයවැය රහසක් කියලා.ඔවුන් ඒක ලබාදෙන්නේ නැතුව අයවැය වෙනකල් ඉන්න කීම ප්‍රශ්නය දික්ගස්සා ගැනීමක්.අගමැති සමඟ පැවැත්වෙන සාකච්ඡාවේ දි මේ ප්‍රශ්නයට විසඳුම මොකද්ද කියලා අපිට ලබාදිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කැලඹුණ කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..දිවයිනේ බොහෝ ප්‍රදේශවලට කඩින් කඩ වැසි
03:21
Video thumbnail
නාමල් වරෙන්කෝ ගමට තොපිට ඉදලෙන් ග#හන්නේ - මුන් බොරු කිය කිය වටේ යනවා
04:51
Video thumbnail
වේවැල්කදුර - වැල්ලවාය මාර්ගය ජලයෙන් යටවෙයි ..වාහන ගමනාගමනයටත් බාධා
01:36
Video thumbnail
මල්වාන නිවස ඇතුලේ අන්තරේ සෙට් එක රැය පහන් කරන්න සූදානම්
01:06
Video thumbnail
ජනාධිපතිතුමා කියන දේ කරනවා - අපේ ඇඟ හිරිවැටිලා යනවා
00:53
Video thumbnail
තිස්සකුට්ටි ජනාධිපතිට දාපු කින්ඩිය - ජනාධිපතිතුමා කියන දේ කරනවා
01:16
Video thumbnail
මල්වාන නිවස ඇතුලේ නවතම තත්ත්වය
01:29
Video thumbnail
රටම දන්න බැංකුවක සිද්ධවුණු කැත වැඩේ - නිලධාරීන්ටත් වැඩ වැරදියි
04:11
Video thumbnail
මල්වාන නිවසේ ළිපගිනි දැල්වෙයි - රැය පහන් කරන්න සූදානම්
01:11
Video thumbnail
මේ මල්වාන නිවාස විතරක් නෙමෙයි - අනිත් ගෙවල් ටිකත් අපිට ඕනේ
06:38