ගුරු-විදුහල්පති වැටුප් ගැටලුව විසඳීම කල්යන ලකුණු ?

ගුරු-විදුහල්පති වැටුප් ගැටලුව විසඳීමට අදාළ යෝජනා ඉදිරිපත්කිරීමට පත්කළ කැබිනට් අනුකමිටුව මෙතෙක් තමන්ට සාකච්ඡාවක් ලබාදී නොමැති බව ගුරු-විදුහල්පති වෘත්තීය සමිති පවසයි.

වැටුප් විෂමතාවයට එරෙහිව ගුරුවරු සහ විදුහල්පතිවරු දිවයින පුරා සංවිධානය කළ උද්ඝෝෂණ හා පෙළපාලි මේ වනවිට සම්පූර්ණයෙන්ම නවතාදමා තිබේ.

කෙසේවෙතත් ඔන්ලයින් ඔස්සේ ඉගැන්වීම් වර්ජනය අරඹා අද වනවිට දින 30ක් ගතවී තිබේ.

මෙවන් පසුබිමක් තුළ ගුරු-විදුහල්පති වැටුප් විෂමතා අධ්‍යයනයකර එම ගැටලු විසඳීම සඳහා යෝජනා ඉදිරිපත්කිරීමට කැබිනට් අනුකමිටුවක් පත්කෙරුණි.

නමුත්, වැටුප් ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එම අනුකමිටුව මෙතෙක් සාකච්ඡාවක් ලබා දී නොමැති බව ගුරු-විදුහල්පති වෘත්තිය සමිති චෝදනා කරයි.

මේ අතර, ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව ඇතුළු ඉල්ලීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ අමාත්‍ය අනුකමිටුවේ වාර්තාව ඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කිරිමට නොහැකිවනු ඇති බව එම කමිටු සාමාජික අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අදාළ ඉල්ලීම් පිළිබද සාකච්ඡාකිරිම සඳහා එම අමාත්‍ය කමිටුව පළමුවරට අද දිනයේ රැස්වීමට නියමිත බව පැවැති මාධ්‍ය හමුවකදි අමාත්‍යවරයා පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56