ගුරු – විදුහල්පති වර්ජනයෙන් පාසල් වැසෙයි – මේ ක්‍රියාව දරුවන්ගේ ජීවිත බිල්ලට තැබීමක්

ගුරු – විදුහල්පති වැඩ වර්ජනය හේතුවෙන් අද (26) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල පාසල්හි අධ්‍යයන කටයුතු බිඳ වැටීමක් දක්නට ලැබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පැවසුවේ; මෙම වැඩ වර්ජන හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල දරුවන් පාසලට පැමිණ යළිත් නිවෙස් බලා හැරී ගිය බවයි.

වවුනියාව දිස්ත්‍රික්කයේ බොහෝ පාසල් වෙත දරුවන් ද අද දින ක්‍රියාත්මක ගුරු – විදුහල්පති වර්ජනය හේතුවෙන් පැමිණියේ නැහැ.

එබැවින් එම පාසල්වල ශිෂ්‍යයින්ගේ පැමිණීමේ ද අඩුවක් තිබූ බවයි වාර්තා වන්නේ.

ගුරුවරුන් ද නොපැමිණීම හේතුවෙන් පාසල් වෙත පැමිණි දරුවන්ගේ දෙමාපියන් නැවත සිය දරුවන් නිවෙස් වෙත රැගෙන ගොස් තිබෙනවා.

මේ අතර මෙම වැඩ වර්ජනය හේතුවෙන් වතුකරයේ සියලු ම පාසල්වල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අසනිප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නියැලෙනවා.

මේ හේතුවෙන් වතුකරයේ පාසල් සියල්ල ම වසා දමා ඇති බවයි අප හැටන් ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

වැටුප් විෂමතාව ඉවත් කිරිම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වතුකරයේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ද දිවයින පුරා ක්‍රියාත්මක ගුරු – විදුහල්පති වර්ජනයට සහාය දක්වනවා.

මේ අතර ගුරුවරුන්ගේ වැඩ වර්ජන හේතුවෙන් පාසල් දරුවන්ව අසරණ නොකරන ලෙස ‘මනුෂ්‍යත්වය සුරැකීමේ ජාතික සංවිධානය මාධ්‍ය හමුවක් කැඳවමින් ඉල්ලා සිටිනවා.

මනුෂ්‍යත්වය සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති අනුරාධපුර සෝමරතන හිමියන් කියා සිටින්නේ ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම් මුල්කර ගනිමින් එම අයිතීන් දිනා ගැනීම සඳහා දරුවන්ගේ ජීවිත බිල්ලට තබා කරන්නා වූ මෙවැනි ක්‍රියාවන් තරයේ හෙළා දකින බවයි.

දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පසුගිය කොරෝනා සමය තුළ විශාල වශයෙන් පසුබෑමකට ලක් වූ මොහොතක රටක් වශයෙන් ජාතියක් වශයෙන් මේ මොහොතේ ඒ සියලු ගැටලුවලට මුහුණදෙමින් ඉදිරියට යෑමට උත්සහා දරන කාලයක රටේ දරුවන්ගේ අධ්‍යාපනය සහ රටේ අනාගතය මෙවැනි වර්ජන හේතුවෙන් විනාශ වන බවත් උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළා.

  1. සැමගේ අයිතින් ආරක්ෂා ව්යයුතුයි රටේ කාහටත් සහනයක් නම් නෑ කව්රැත් ලකුණු දාගන්න මාධ්‍ය ඉස්සරහා ලකුණු දා ගන්නවා තමන්ගේ යැපිමට

  2. බඩගින්නේ ඉගැන්විය නොහැකි බව කිසිදා බඩගින්නක සේයාවක් වත් නොදැණුනු මුන්වහන්සේට මම කියලා දෙනවා මූණට මුණ ගැහුනොත්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30