ගුරු වර්ජනය අවසන් කරන දිනය ගැන ඉඟියක්

රජය විසින් එළඹෙන සඳුදා දින වන විට ගුරු වැටුප් ගැටලුවට විසඳුම් ලබාදීමට කටයුතු කළහොත් තමන් වර්ජනය අවසන් කිරීමට සූදානම් බව ලංකා ගුරු සංගමය පවසනවා.

ඒ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

කොරෝනා වසංගතය හේතුවෙන් දරුවන්ගේ සාමාන්‍ය අධ්‍යාපනය නතර වී එය ඔන්ලයින් අධ්‍යාපනයක් බවට පත් වී මාස 17ක් ගතව ඇතත් මෙරට ලක්ෂ 43ක් වස සිසු දරුවන්ගෙන් ඔන්ලයින් අධ්‍යාපනය ලැබුනේ 40%ක පිරිසකට පමණක් බවත් අධ්‍යාපනය නොලද ඉතිරි 60%ක සිසු සිසුවියන් සම්බන්ධව රජයට කිසිඳු වැඩපිළිවෙලක් නොතිබූ බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසනවා.

එමෙන්ම, ඔන්ලයින් අධ්‍යාපනය ලද පිරිසටද ගුරුවරුන් ඉගැන්වූයේ තමන්ගේ වියදමින් බවත් එයත් පසුගිය දින 48 තුල නැවතී ඇති බැවින් ඒ සම්බන්ධව අධ්‍යාපනය ඇමතිවරයා කරන ලද ඉල්ලීමක් අනුව ලබා දුන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුව වාර්තාව ගුරු යෝජනාවලට සරිලන ආකාරයෙන් සකස්කළහොත් එළැඹෙන සඳුදා සිට නැවතත් ඔන්ලයින් අධ්‍යාපනය ක්‍රියාවලිය ආරම්භ කළ හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46