ගුරු මාරු 8893ක් අප්‍රේල් 17 සිට

අභියාචනා ඉදිරිපත් කර ඇති ගුරුවරුන් හැර සෙසු ගුරුවරුන්ගේ ස්ථාන මාරු අප්‍රේල් 17 සිට ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවා.

විපක්‍ෂනායක වරයා අද පාර්ලිමේන්තුවේ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා පැවසුවේ ගුරු මාරු 8893 ක් මාරු මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි.