ගුරු උපදේශක සේවයේ වැටුප් විෂමතා ඉවත්කරන බවට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්

ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවයේ වැටුප් පරිමාණවල පවතින විෂමතා ඉදිරියේ දී නිරාකරණය කර වැටුප් ලබාදීමට කටයුතු කරන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ගුරු උපදේශකයන්ගේ වැටුප් වල පවතින විශමතාවයන් ඉවත් කරන ලෙස ඉල්ලා සමස්ථ ලංකා ගුරු උපදේශකවරුන්⁣ගේ සංගමය විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් යුරේෂා ද සිල්වා එම දැනුම් සිදු කරනු ලැබුවා.

එම පෙත්සම ප්‍රීති පද්මන් සුරසේන සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (29) කැඳවනු ලැබුවා.

එහිදි පෙත්සම්කාර සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ සඳහන් ක⁣ළේ ගුරු උපදේශකවරුන්ගේ වැටුප ගුරුවරුන්ගේ වැටුපට වඩා ඉතා අඩු බවත් එයින් ගුරු උපදේශකවරුන්ට බලවත් අසාධාරණයක් සිදුවන බවයි.

එහිදි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් යුරේශා ද සිල්වා සඳහන් කළේ ගුරු උපදේශකවරුන්⁣ගේ වැටුප්වල පවතින එම ගැටලු නිරාකරණය කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බවයි.

ඒ, සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශවය එකඟතාව පලකර සිටියා.

ඉන් අනතුරුව අදාළ පෙත්සමෙ කටයුතු අවසන් කිරීමට විනිසුරු මඩුල්ල නියෝග කළා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

  1. වැටුප් විෂමතාවය නිවැරදි වෙන්න තව කොච්චර කාලයක් ගතවෙයි ද කියන එක තමයි ගැටලුව.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම හොඳ වැඩක් - විපක්ෂයේ අවලාද නිසා ගරුත්වය නැතිවෙන්නේ
03:43
Video thumbnail
බලන්න ඒ තාත්තාට කොච්චරනම් සතුටුද..? කාලා ඇඳුමක් දාගෙන එන්න...
00:23
Video thumbnail
ජනතා ආදරය සජිත්ට ලැබුණු හැටි මෙන්න...
01:50
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි...
00:34
Video thumbnail
ආච්චිගේ ලක්ෂ 8 රන් මාලේ උස්සපු හොරා - "බබා ගන්න මුවාවෙන් මාලේ කඩාගෙන දිව්වා"
04:15
Video thumbnail
අනුර සහෝදරයා එද්දිම මිනිස්සුන්ට කියවුණු ඒ අපූරු වචන ටික අහලාම බලන්න...
00:36
Video thumbnail
පුතා ලෝකයක් දිනද්දී නිවසේ සිට ඒ සතුට විඳගත්තු හිතවතුන්...
00:30
Video thumbnail
දිග්ගල පාරේ ලඳු කැලෑවකින් දුම් බෝම්බ දෙකක් සොයා ග‍යි - පානදුර සලිත වෙයි
00:27
Video thumbnail
මනුස්සයෙක් වේදිකාවේ ඉදලා සජිත් වෙනුවෙන් ගැයූ කවි - "තාත්තට එහා දෙයක් කරන්න හදන පුතෙක්"
02:57
Video thumbnail
ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න ගිය සජිත්ට මිනිස්සුන්ගේ ලැබුණු ආදරය - "මම පාර්ලිමේන්තුවේ කතා කරන්නම්"
02:00