ගුරු අරගලය දැඩි වෙයි! සාපෙළ ලියූ සිසුන්ට වෙන්න යන දේ

මෙරට පාසල් ගුරුවරුන් විසින් පවත්වනු ලබන වර්ජනය තව තවත් දැඩි වෙමිත් තිබෙනවා.

මේ වන විටත් ගුරුවරුන් විසින් මාර්ගගත අධ්‍යාපනය ලබාදීමෙන්ද ඉවත්වී සිටින අතර උද්ඝෝෂණ මාලාවන්ද ක්‍රියාත්මක කරමින් තිබෙනවා.

ගියවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි සෞන්දර්ය විෂයන් කළ සිසුන්ට තවමත් ප්‍රායෝගික පරික්ෂණ පවත්වා නොමැති අතර එම කටයුතුවලින්ද ගුරුවරුන් ඉවත් වීමට නියමිතයි.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝස්ප් ස්ටාලින් විසින් ප්‍රකාශ කර සිටියේ මෙම අරගලය ක්‍රමානුකූලව යම් ක්‍රියාමාර්ග හරහා ත්‍රිව්ර කරන බවට පෙර සිටම ප්‍රකාශ කළ බවයි.

එමෙන්ම ඊයේ (23) දිනයේ සිට ගුරු අරගලයට නව ක්‍රියාමාර්ගයක් එකතු කරමින් ගියවර පැවැති සා පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්ගේ ප්‍රායෝගික පරික්ෂණ සහ සෙසු ප්‍රයෝගික පරික්ෂණ ඇතුළු සියලු ප්‍රායෝගික පරික්ෂණ ක්‍රියාවලියන්ට ගුරුවරුන් සම්බන්ධ වීම නතර කිරීමට තීන්දු කළ බවද ජෝසප් ස්ටාලින් මහතා පවසා සිටියා.

මේ සම්බන්ධව විභාග කොමසාරිස්වරයාටත්, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාටත් දැනුම් දෙන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39