ගුරුවරු 18000ක් වෙන වැඩවල

ගුරුවරුන් 18,000ක් පමණ මේ වන විට වෙනත් රාජකාරීන් හෙවත් සක්‍රිය සේවය සඳහා නිදහස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

මෙලෙස සක්‍රිය සේවය සඳහා නිදහස් කර ඇති ගුරුවරුන් 18,000ටම මේ වනවිටත් වැටුප් ගෙවනු ලබන්නේ අධ්‍යාපන අමාත්‍යංශයේ සහ පළාත් අධ්‍යාපන අමාත්‍යංශ වැය ශීර්ෂය යටතේ වන අතර මේ සඳහා මසකට සියලුම දීමනා සහිතව රුපියල් බිලියනයකට වැඩි මුදලක් අධ්‍යාපන අමාත්‍යංශය වැය කරයි.

එම ගුරුවරුන් මේ වනවිට වෘත්තීය සමිති සංගම්හි ක්‍රියාකාරී සාමාජිකයන් ලෙසත්,වෙනත් දේශපාලන පක්ෂයන්හි ක්‍රියාකාරී සාමාජිකයන් ලෙසත්,අමාත්‍යවරුන්ගේ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මහජන සහ පෞද්ගලීක සම්බන්ධීකරණ කාර්ය මණ්ඩල නිලධාරීන් ලෙසත්,ශිෂ්‍ය භට පුහුණුකරුවන් ලෙසත්,ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලත් සේවය සඳහා නිදහස් කර තිබේ.

මේ නිසා ජාතික පාසල් මෙන්ම පළාත් පාසල්හි දැඩි ගුරු හිඟයක් පවතින අතර රජය විසින් පසුගිය කාලයේ දී බඳවාගත් ලැබූ උපාධිධාරීන් 50,000න් 20,000ක්ම ගුරුවරුන් ලෙස අනුයුක්ත කිරීමට යෝජනා වී තිබුණි.

ඒ සඳහා දැනටමත් අවශ්‍ය අනුමැතිය ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියකු ප්‍රකාශ කළේ.

මෙලෙස ගුරුවරු සක්‍රිය සේවය සඳහා නිදහස් කිරීම සම්බන්ධව එවකට හිටපු අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් සිදු කළ සමීක්ෂණයකදී අනාවරණය වී තිබුණේ නියත වශයෙන්ම පූර්ණකාලීනව ගුරුවරු 16,000ක පිරිසක් සක්‍රිය සේවය සඳහා නිදහස් කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ප්‍රකාශ කළේ යම්කිසි වෘත්තීය සමිතියක ක්‍රියාකාරී සාමාජිකයන් දහසකට (1000) වඩා සිටිනම් ඒ සඳහා ගුරුවරු නිදහස් කළ යුතුව ඇති බවයි.

කෙසේ වෙතත් මෙලෙස ගුරුවරු සක්‍රිය සේවය සඳහා නිදහස් කිරීම සම්බන්ධව පසු විපරමක් කිරීමට සූදානම් බව ද ඔහු පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46