ගුරුවරු නැතුව පාසල් අරඹන ක්‍රමයක් ආණ්ඩුව සොයාගනී

කොරෝනා තත්ත්වය හේතුවෙන් වසර 02කට ආසන්න කාලයක් වසා දමා තිබූ පාසල් එළැඹෙන 21 වැනිදා නැවත විවෘත කිරීමට ආණ්ඩුව සුදානමින් සිටිනවා.

පළමු අදියර ලෙස ළමුන් 200 සීමාවේ සිටින පාසල් මෙලෙස විවෘත කිරීමට නියමිතයි.

නමුත් තවමත් ගුරු වර්ජනය අවසන් කිරීමට ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සුදානම් නොවන බව මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ද ගුරු වෘත්තීය සමිති හමුවක් පැවැත්වූවත් එහිදීද මෙම අර්බුදය සඳහා ස්ථීර විසඳුමක් ලබාදීමට නොහැකි වුණා.

ගුරු වෘත්තීය සමිති පවසන්නේ එළැඹෙන 21 වැනිදා දක්වා මෙම වෘත්තීය අයිතිවාසිකම් ලබාදී සඳහා කාලය ලබාදෙන බවයි.

මේ අතර සංවර්ධන නිලධාරී සේවා සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ ගුරු ගැටලුවලට විසඳුම් දෙනවා වෙනුවට ආණ්ඩුව පාසල්වලට වෙනත් රාජ්‍ය සේවකයින් යොදවා පාසල් ආරම්භ කිරීමේ සුදානමක් ඇති බවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ගුරු ගැටලුවලට පිළිගත හැකි විසඳුමක් ඔක්.21 දිනට පෙර ලබාදී ඔක්.21 පාසල් විවෘත කළ යුතු වූවද එසේ ක්‍රියාත්මක නොවී ආණ්ඩුව අභ්‍යාසලාභී උපාධිධාරීන් ඇතුළු පිරිස් සම්බන්ධ කරගනිමින් පාසල් ආරම්භ කිරීම ගැටලු සහගත විය හැකි බවයි.’

ආණ්ඩුව විසින් මීට පෙර අභ්‍යාසලාභී උපාධිධාරීන්ව සංවර්ධන නිලධාරීන් ලෙස රාජ්‍ය සේවයට එක්කර ගත් අතර ඔවුන් බොහෝ දෙනෙකු ප්‍රාදේශීය ලේකම් කාර්යාවල ඇතුළුව රාජ්‍ය ආයතනයන්වල සේවය කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19