ගුරුවරු නැතුව පාසල් අරඹන ක්‍රමයක් ආණ්ඩුව සොයාගනී

කොරෝනා තත්ත්වය හේතුවෙන් වසර 02කට ආසන්න කාලයක් වසා දමා තිබූ පාසල් එළැඹෙන 21 වැනිදා නැවත විවෘත කිරීමට ආණ්ඩුව සුදානමින් සිටිනවා.

පළමු අදියර ලෙස ළමුන් 200 සීමාවේ සිටින පාසල් මෙලෙස විවෘත කිරීමට නියමිතයි.

නමුත් තවමත් ගුරු වර්ජනය අවසන් කිරීමට ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සුදානම් නොවන බව මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ද ගුරු වෘත්තීය සමිති හමුවක් පැවැත්වූවත් එහිදීද මෙම අර්බුදය සඳහා ස්ථීර විසඳුමක් ලබාදීමට නොහැකි වුණා.

ගුරු වෘත්තීය සමිති පවසන්නේ එළැඹෙන 21 වැනිදා දක්වා මෙම වෘත්තීය අයිතිවාසිකම් ලබාදී සඳහා කාලය ලබාදෙන බවයි.

මේ අතර සංවර්ධන නිලධාරී සේවා සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ ගුරු ගැටලුවලට විසඳුම් දෙනවා වෙනුවට ආණ්ඩුව පාසල්වලට වෙනත් රාජ්‍ය සේවකයින් යොදවා පාසල් ආරම්භ කිරීමේ සුදානමක් ඇති බවයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ගුරු ගැටලුවලට පිළිගත හැකි විසඳුමක් ඔක්.21 දිනට පෙර ලබාදී ඔක්.21 පාසල් විවෘත කළ යුතු වූවද එසේ ක්‍රියාත්මක නොවී ආණ්ඩුව අභ්‍යාසලාභී උපාධිධාරීන් ඇතුළු පිරිස් සම්බන්ධ කරගනිමින් පාසල් ආරම්භ කිරීම ගැටලු සහගත විය හැකි බවයි.’

ආණ්ඩුව විසින් මීට පෙර අභ්‍යාසලාභී උපාධිධාරීන්ව සංවර්ධන නිලධාරීන් ලෙස රාජ්‍ය සේවයට එක්කර ගත් අතර ඔවුන් බොහෝ දෙනෙකු ප්‍රාදේශීය ලේකම් කාර්යාවල ඇතුළුව රාජ්‍ය ආයතනයන්වල සේවය කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොන්# පාට් දාන්න එපා, ඩිලීට් කරපන් ඕයි - කොහොමද පොලිස් මහත්තයාගේ සද්දේ
00:53
Video thumbnail
අපේ ආණ්ඩුව වට්ටන්න බෑ - අපරාධකරුන්ට අපි උදව් කරන්නේ නෑ
07:20
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00