ගුරුවරුන් සමග පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් අගමැති කාර්යාලයෙන් නිවේදනයක්

වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා පැවති අරගලයට විසඳුමක් ලෙස අදියර දෙකකින් වැටුප් වැඩිකිරීමට රජය එකඟතාව පළ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, අද (12) පස්වරුවේ ගුරු-විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් හමුවේ අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළ බවය.

-උපුටා ගැනීම – 

වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා ගුරු විදුහල්පති වෘත්තිය සමිති අදට දින 93ක් පුරා මෙම අරගලයේ නිරතව සිටියි.

අදාළ ගැටලුවට විසඳුම් ලබා දීමට මැදිහත් වූ අග්‍රාමාත්‍යතුමා අද දිනයේ ගුරු විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් අරලියගහ මන්දිරයට කැඳවා මෙම විසඳුම් යෝජනාව ඉදිරිපත් කළේය.

ඒ අනුව ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා පත්කළ අමාත්‍ය අනු කමිටුවේ යෝජනාව පරිදි කොටස් තුනකින් වැඩි කිරීමට යෝජිත වැටුප පළමු අදියරයට 2022 වර්ෂයේ අය-වැය තුළින් ද ඉතිරි කොටස් දෙක 2023 වර්ෂයේ අය වැය මගින් එම වසරේ දී ද ලබාදීමටත් මෙහි දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යෝජනා කළේය. 

ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ ගැටලුව පිළිබඳව රජය සංවේදි වන බවත් වැටුප් විෂමතා ඉවත්කළ යුතු බව තමන් පිළිගන්නා බවත් අග්‍රාමාත්‍යතුමා මෙහිදී පැවසීය. කොවිඩ්-19 වසංගතය හමුවේ මහා භාණ්ඩාගාරයට මුදල් ලැබීම්  සීමා වීම නිසා එකවර මෙම ඉල්ලීම් ලබා දීමට නොහැකි බව අග්‍රාමාත්‍යතුමා පැවසීය.

දරුවන්ගේ අධ්‍යාපනය තවදුරටත් බාධාවකින් තොරව කරගෙන යාමේ අවශ්‍යතාව මත රජය මෙම විසඳුම් යෝජනාව හෝ ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී වෘත්තිය සමිති නියෝජිතයන් හමුවේ පැවසීය. 2021.08.09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින් ඉදිරිපත් කළ තීරණ ද ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී සදහන් කළේය.

ඒ අනුව ගුරු, ගුරු උපදේශක, විදුහල්පති සේවාවන් සංවෘත සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට අදාළ විධිවිධාන නොවැම්බර් මාසයේ දී ප්‍රකාශයටපත් කිරීම ඇතුළු අනෙකුත් නිර්දේශ මාස 06ක් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

– උපුටා ගැනීම අවසන් – 

අදාළ සාකච්ඡාවට බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සහ ගුරු විදුහල්පති සංගම් නියෝජනය කරමින් කිහිපදෙනෙක් එක්ව සිටියේය.

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් ද එම සාකච්ඡාවට එක්ව තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55