ගුරුමාරු සම්බන්ධයෙන් රජයේ තීරණය අධ්‍යපන ඇමති දන්වයි

අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විෂය නිර්දේශ උගන්වනු ලබන ගුරු භවතුන්ගේ ස්ථාන මාරුවීම් මඳක් පසෙකට දමා සෙසු ගුරුවරුන්ගේ මාරුවීම් එලෙසම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් සඳහන් කළා.

අමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කරනු ලැබුවා.

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග සඳහා උගන්වන ගුරුවරුන් හදිසියේ මාරු කිරීමෙන් සිසුන්ට අගතියක් වන බව ගුරුවරුන්ගේ ද අදහස වී ඇති බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඒ, අනුව සෙසු ගුරු මාරු සම්බන්ධයෙන් අප්‍රේල් 17 නිවාඩුවෙන් පසු තීරණයක් ලැබෙනු ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර ගුරු මාරු මණ්ඩලය විසුරුවා හැරීම අත්තනෝමතික ක්‍රියාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

ඊට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ ගුරු මාරු සම්බන්ධයෙන් රජය අත්තනෝමතික හෝ අනීතික ක්‍රියාවලියක් සිදු කර නොමැති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16