ගුරුන්ට කළ කී දේ සම්බන්ධයෙන් ශ්‍රීලනිප’ය සමාව අයැදී

ඇතැම් මැති ඇමැතිවරු ගුරුවරුන් සම්බන්ධයෙන් කරන ප්‍රකාශ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමස්ත ගුරුවරුන්ගෙන්ම සමාව ඉල්ලන බව එම පක්ෂ මහලේකම්, රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර පැවැසීය.අනේකවිධ දුෂ්කරතා මැද දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන ගුරුවරුන්ට සිය ඉල්ලීම් වෙනුවෙන් මහමගට බැසීමට සිදුවීම සම්බන්ධයෙන් තම පක්ෂයට ඇත්තේ විශාල කනගාටුවක් බවත් ඒ මහතා කීවේය.

මහලේකම්වරයා මේ බව සඳහන් කළේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (22 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදීය.

ඉතාමත් ඉක්මනින් සාකච්ඡා මාර්ගයෙන් මෙම ගුරුවරුන්ගේ ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ඔහු කියා සිටියේය.

මෙහිදී හෙතෙම පැවසුවේ වසර ගණනාවක් තිස්සේ මෙම වැටුප් විෂමතා අර්බුදයෙන් ගුරුවරුන් පීඩාවට පත්වූ බවය. එම අර්බුදකාරී තත්ත්වය හමුවේද තම මුදලින් ඩේටා භාවිත කරමින් ගුරුවරුන් දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය ලබාදුන් බව කිසිවකු අමතක නොකළ යුතු බවද මෙහිදී ඔහු පැවසුවේය.

පසුගිය කාලය පුරාම ගුරුවරුන්ට ආණ්ඩුව සැලකූ ආකාරය පිළිබඳව පක්ෂයක් ලෙස ඉතාමත් කනගාටු වන බව රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නේය. ගුරුවරුන්ට සිදුවූ හිත් රිදවීමට තම පක්ෂය සමාව ඉල්ලා සිටින බවද ඇමැතිවරයා පැවැසුවේය.

හෙතෙම පැවැසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගුරුවරුන් වෙනුවෙන් පෙනී සිටීමට ඔවුන් වෙනුවෙන් හඬක් නැගීමට සම්පූර්ණ අයිතියක් ඇති බවය. තම පක්ෂයේ පංච මහා බලවේගයෙන් එක බලවේගයක් වන්නේ ගුරුවරුන් බැවින් ඔවුන් වෙනුවෙන් කළ හැකි සියල්ල ඉටුකරන බවද රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මෙහිදී පවසා සිටියේය.

ඉතාමත් ඉක්මනින් ජනාධිපතිවරයා මැදිහත්වී මෙම ගුරු වැටුප් විෂමතා ගැටලුවට විසඳුමක් ලබාදිය යුතු බවත්, තම පක්ෂය සෑමවිටම ගුරුවරුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බව ඔහු වැඩිදුරටත් පැවැසීය.

අශිකා ජයවීර

  1. මෙ යකා රිලාසිරි ජයසෙකර උන්ගෙ ආන්ඩුවක් තියෙන කාලෙ ; මයිත්‍රී හිට්ංන් සොරිසෙන ජනපති කාලෙ නොකරපුවා දෙන් කොරන්න හදන්නෙ ; දෙපත් නයා රිලවා වාගෙ එක එක පැත්තට වාසියට පක්ෂ මාරු කරන එකා මූ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39