ගුණතිලකගේ ක්‍රිකට් තහනම ඉවතට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මේ බව දන්වා තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්, ගුණතිලකට එරෙහිව එල්ලව තිබූ චෝදනා සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කර තිබූ ස්වාධීන පරීක්ෂණ කමිටුවේ නිර්දේශ අනුව එම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 2022 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ස්ත්‍රී දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකව එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව ඔහුට එල්ල වී තිබූ චෝදනා සම්බන්ධයෙන් මාස 11 පමණ කාලයක් සිඩ්නි අධිකරණයේ පැවති නඩු විභාගයකින් පසු, ගුණතිලක නිදොස් කොට නිදහස් කෙරුණේ පසුගිය සැප්තැම්බර් 28 වනදායි.

ඉන් අනතුරුව ඔහු පසුගිය 03 වනදා ඕස්ට්‍රෙලියාවේ සිට යළි ශ්‍රී ලංකාවට පැමිණියා.

391668654 711225820875812 3399114608490491020 n
  1. DONT INSULT HIM BY CONTINUOUSLY POINTING RAPE CASE. HE HAS CLEARED FROM AUSTRALIAN COURTS. SO WHY YU ALL MENTION SAME AGAIN AND AGAIN. CANT YOU ALL TO HONOUR RESPECT AND BOW FOR SUPREME LAW. PLEASE DONT REMIND SAME AGAIN AND AGAIN AND MAKE HIM UPSET. THAT IS VERY BAD