ගුජරාට් ටයිටන්ස් අඛණ්ඩව දෙවන වරටත් අයි.අයි.පී.එල් අවසන් මහා තරගයකට

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ අයි.පී.එල්. ගමනට තිත තබමින් අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබන්නට මෙවර තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායම බවට පත්ව සිටි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ඊයේ රාත්‍රියේ හැකියාව ලැබුණා.

ඒ, චෙන්නයි සුපර් කිංග්ස් සමග හෙට දිනයේ අවසන් මහා තරගයේ දී තරග වදින කණ්ඩායම තෝරාගනු ලබන තරගයෙන් ලකුණු 62ක විශිෂ්ඨ ජයක් ලබමින්.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ මුම්බායි නායක රෝහිත් ශර්මාගේ ආරධනයෙන් පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ගුජරාට් පිළට හිමි වුණා.

ඒම ආරාධනයට ප්‍රබල පිළිතුරක් සපයමින් ගුජරාට් ලකුණු පුවරුව නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 03කට ලකුණු 233ක් දක්වා ඉහළට ඔසවා තැබුවා.

එහිදී මෙවර තරගාවලියේ සාර්ථකම පිතිකරුවා බවට පත්ව සිටින ශුබ්මන් ගිල් පන්දු 60ක් තුළ ලකුණු 129ක් රැස් කළේ මුම්බායි පන්දු යවන්නන් ප්‍රේක්ෂකයින් බවට පත්කරමින්.

මීට අමතරව ෂායි සුදර්ශන් ලකුණු 43ක් ගුජරාට් ලකුණු පුවරුවට එක් කළා.

පන්දු යැවීමේ දී ආකාෂ් මද්වාල් සහ පියුශ් චවුලා එක් කඩුල්ල බැගින් බිද දැමුවා.

අනතුරුව ලකුණු 234ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා යාමට මුම්බායි ආරම්භක පිතිකරුවන් ‍යුගලය පිටියට පිවිසි අතර, ඔවුන්ට පිටියේ ස්ථාවර වන්නට මොහොමඩ් ශමී ඉඩ ලබාදුන්නේ නෑ.

අනතුරුව පිටියට පිවිසි තිලක් වර්මා වේගවත් ලකුණු 43ක් පන්දු 14ක් තුළ රැස්කළ අතර, කැමරන් ග්‍රීන් ලකුණු 30ක් රැස් කළා.

මුම්බායි ඉනිමේ නැංගුරම වී සිටි සූර්ය කුමාර් යාදෙව් ලකුණු 61ක් පන්දු 38ක් තුළ රැස්කළ අතර, මෝහිත් ශර්මාගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් සූර්ය කුමාර්ට පිටියෙන් ඉවත්වීමට සිදුවූ පසු මුම්බායි ප්‍රේක්ෂකයින්ගේ ජයග්‍රාහී බලාපොරොත්තු බිඳව ගියා.

ඉන් අනතුරුව පිටියට පිවිසි මුම්බායි පිතිකරුවන්ට සාර්ථක වීමට මෝහිත් ශර්මා ප්‍රමුඛ ගුජරාට් පන්දු යවනනන් ඉඩ ලබාදුන්නේ නැහැ.

පන්දු යැවීමේදී මෝහිත් ශර්මා මුම්බායි කඩුලු පහක් බිද දැමීමට සමත් වූ අතර, මොහොමඩ් ශමී සහා රශීඩ් ඛාන් කඩුලු දෙක බැගින් බිද දැමුවා.

ඒ අනුව මුම්බායි පිළට පන්දුවාර 18යි පන්දු 02ක් තුළ සියල්ලක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 171ක් පමණයි.

තීරණාත්මක මෙම තරගයෙන් ලකුණු 62ක ජයක් හිමිකරගත් ගුජරාට් ටයිටස් කණ්ඩායම අඛණ්ඩව දෙවන වරටත් අයි.පී.එල්. තරගාවලියක අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගත්තා.

ඒ, අනුව හෙට (28) දිනයේ දී ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම 2023 අයි.අයි.පී.එල්. අවසන් මහා තරගයේදී එකිනෙකා මුණගැසෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
3
+1
2
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොවියන් ආණ්ඩුවට පොල් ග#ලා යකා නටයි - ගො#, මෝ#ඩ ඇමතිලාගේ මොළේ පෑදේවා
07:48
Video thumbnail
ස්ථිර නිවසක් නොමැති පවුල් දහයකට ලැබුණ අපූරු තෑග්ග - එක් නිවසක වටිනාකම ලක්ෂ 30යි
01:19
Video thumbnail
ඌව මාවෙලගම කඳු පංතියේ විශාල ගින්නක් - අක්කර 20කට වඩා ගිනිගෙන විනාශයි
01:40
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28