ගීතාංජලීට පෙම් කරද්දී අවසන් ගමන් ගිය ප්‍රියන්තට වසර 15 කට පසු නැවත පණ එයි

කැමති දේ ලැබීම නිසා අයකු දුක් විඳී. කැමැති දේ නොලැබීම නිසාත් අකැමැති දේ ලැබීම නිසාත් තවකෙකු දුක් විඳී.

දුකට හේතුව සොයා නොගෙන දුක ගැන පමණක් සිතා දුකේම ගිලෙයි.

කැමති දේ නොලැබීම නිසා එය හේතුකොට ගෙන දුක් වැඩි භවයක ඉපිද කැමති දෙය නමැති මිරිඟුව පසු පස යළිත් ගොස් දුක් විඳින තවත් බොහෝ අය වෙති.

ගීතාංජලී පානදුරේ පදිංචි හතළිස් පස් හැවිරිදි විවාහක කාන්තාවකි.

සපුමල් ඇගේ සැමියාය. ඔහු ව්‍යාපාරිකයෙකි. මේ දෙදෙනා දරු දෙදෙනෙකුගේ මව්පියෝය.
මේ හතර දෙනාට එක වහලක් යට ඉන්නට බැරි තරමට රණ්ඩු සරුවල්ය.

ගීතාංජලී සපුමල්ගෙන් වෙන්ව තම මැණියන්ගේ නිවෙසේ ජීවත් වෙයි. දරුවන් දෙදෙනා සපුමල්ගේ මව ළඟ ජීවත් වෙති.

සපුමල් තනිව ජීවත් වෙයි. එහෙත් සපුමල් බිරියගේත් දරුවන්ගේත් වියහියදම් සපුරාලයි.

මේ අතර ගීතාංජලී අසනීප වී දුක්විඳී. ඇගේ කුසත් ශරීරයත් ඉදි මී තිබේ. සමහර වෛද්‍යවරු ඇගේ ලේ වල විෂබීජයක් ඇතැයි කියා ප්‍රතිකාර කරති.

එහෙත් වෛද්‍ය පරීක්ෂණයකින් ලේ වල විෂබීජ නැතැයි තහවුරු වී තිබේ. ඇය එහෙත් බෙහෙත් බොයි. විෂබීජ මැරෙන්නට බෙහෙත් බීම නිසා අතුරු ආබාධ පවා ඇයට හටගෙන තිබේ. දැනට අවුරුදු දෙකක් තිස්සේ බෙහෙත් බීම නිසා ඒ බෙහෙත් විෂට ඇගේ වකුගඩු පවා නරක් වී තිබේ. රුධිර පට්ටිකා සියයට පනහකින් පහත බැස ඇත.
මේ තත්ත්වය වෛද්‍ය ප්‍රතිකාර වලින් සුව නොවු බැවින් වත් පිළිවෙත් වලින් සහනයක් නොවූ බැවින් ද ඔවුහු පිළිසරණක් පතා ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයක් සොයා ගියහ.

ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැසී තමන් පත් වී ඇති තත්ත්වය පැහැදිලි කළහ.

ප්‍රථම ගවේෂණයේදීම ගීතාංජලී ගැහෙන්නට වුවාය. එහෙයින් ඇයට අමනුෂ්‍ය දෝෂයක් ඇතැයි නිගමනය කළ ගවේෂකවරයා ගමේ පන්සලේ දී බෝධි පූජා විසි එකක් පවත්වා නැවත එන්නැයි ඔවුන්ට උපදෙස් දුන්නේය.
බෝධි පූජා අවසන් කොට නැවත පැමිණි දිනයේ ගීතාංජලීට භූතාත්මයක් ආවිශ්ට වී කතා කරන්නට විය. ගවේෂකවරයා භූතාත්මය සමඟ සාකච්ඡා කළේය.

“කවුද මේ”
“මම ප්‍රියන්ත”
භූතයා උත්තර දුන්නේය.
“කවුද ප්‍රියන්ත කියන්නේ?”
“මමයි කලින් ගීතාංජලී එක්ක යාළුවෙලා හිටියේ.”
“කවදද මැරුණේ?”
“අවුරුදු පහළොවකට කලින් අසනීප වෙලා මැරුණා.”
“අවුරුදු පහළොවකට කලින් අසනීප වෙලා මොකක්ද වුණා දැයි කීවේ?”
“මම මැරුණා.”
“මම මැරුණායි කීවේ ප්‍රියන්ත මැරුණා නේද?”
“ඔව්”
“ඊට පස්සෙ මොකද වුණේ?”
“ගීතාංජලී මා ගැන හිත හිතා ඇඬුවා. ඊට පස්සේ මෙයාගේ ගෙදර අය මෙයාව සපුමල්ට විවාහ කර දුන්නා.”
“මළා නම් වෙන කරන්න දෙයක් නැහැනෙ. ගීතාංජලීත් මැරෙන්නයැ?”
“ඒ වුණාට මට ගීතාංජලීව ඕනෑ.”
“ඒ මොකටද?”
“මම ගීතාංජලීට ආදරෙයි.”
“ඔබ කොහේද ඉන්නේ?”
“මෙයාගෙ ඇඟේ”
“මොනවාද ආහාරයට ගන්නේ?”
“මෙයාගේ ලේ වල සාරය.”
“ඔබට මොනවාද ඕනෑ?”
““ගීතාංජලී මගේ ළඟට ගන්න ඕනෑ.”
“ඉතින් ඔබ ඉන්නේ ගීතාංජලී ළඟ නේද?”
“ඔව්. ඒ වුණාට මට මෙයාව අරගෙන යන්න ඕනෑ.”
“කොහේද අරන් යන්නේ?”
“මගේ ලෝකයට.”
“කොහොමද අරගෙන යන්නේ?”
“රණ්ඩු කරවලා මරවලා අරගෙන යනවා. නැත්තම් ලෙඩ කරලා මරලා අරගෙන යනවා.”
“මරවලා ගෙනියන්නේ කොහොමද?”
“මම ගීතාංජලීගේ ඇඟේ ඉඳගෙන දරුවන් එක්ක රණ්ඩු කරවනවා ජීවිතේ එපා කරවන්න. දවසක් මම සපුමල්ගේ ඇඟට ගිහින් සපුමල් ලවා පොල්ලකින් ගැස්සෙව්වා. ඒත් මරා ගන්න බැරිවුණා.”

“තමුන් මහා ජරා සතෙක්. ප්‍රියන්ත මළැයි කියලා කලින් කිව්වා. පිළිගත්තා. දැන් තමුන් පේ‍්‍රතයෙක්. මේ අහිංසක දරු දෙන්නව අනාථ කරන්නයි හදන්නේ. ගීතාංජලීවත් ලෙඩ කරලා මරන්න හදන්නේ. උඹ මහා පව්කාර ප්‍රේතයෙක්. ගීතාංජලීව මැරුවත් උඹට එයා ලැබෙන්නේ නෑ.

ගීතාංජලී මැරිලා දිව්‍ය ලෝකයකට යාවී. උඹ අවුරුදු ලක්ෂ ගණනක් අපායෙ දුක් විඳීවි. කරුණාකර මේ අය අතහැර ඉවත් වෙලා යන්න.”

“බැහැ…. බැහැ…. මම මෙයාව දාලා යන්නේ නෑ.” ප්‍රේතයා තදින්ම කීවේය.

ගවේෂකවරයා අමනුෂ්‍යයාට ශක්ති කිරණ එල්ලකොට පුච්චන්නට පටන් ගතතේය.
“අනේ…. එපා. එපා…. පිච්චෙනවා.” යි කෑ ගසනතුරුම පිච්චුවේය.

තවත් සතියක් බෝධි පූජා පවත්වා පි‍්‍රයන්ත සිහිකොට පින් අනුමෝදන් කොට නැවත එන්නැයි ගවේෂකවරයා ගීතාංජලීට උපදෙස් දුන්නේය.
සතියකට පසු නැවත පැමිණි දිනයේ ද ප්‍රේතයා ගීතාංජලීට ආවිශ්ට වුයේය.

“තමුන්ට හොඳින් කිව්වා. යනවද? නැද්ද?”
“බැහැ… මම මෙයාට ආදරෙයි. මම මෙයාට කැමතියි.”
“උඹ කැමති වුණාට ගීතාංජලී පෙරේතයෙකුට කැමති නෑ. උඹේ කැමැත්ත උඹට දුක් දෙනවා.

ගීතාංජලීගෙ අකැමැත්ත එයාට දුක් දෙනවා. පෙරේතයන්ටයි මිනිස්සුන්ටයි එකට ජීවත් වෙන්න බෑ. ඔය පෙරේත බවෙන් මිඳිලා හොඳ තැනකට ගියා ම ඔය දුක නිවේවි. අපි උඹට උදව් කරන්නම්. නැත්තම් පුච්චලා පුච්චලා නැගිටින්න බැරිවෙන්න දුර්වල කරලා දානවා.” කී ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කොට භූතයා නැවත පුච්චන්නට විය.

“අනේ … එපා… එපා පුච්චන්න එපා. මම යන්න කැමතියි මාව හොඳ තැනකට යවන්න” අවසානයේ පේ‍්‍රතයා ගවේෂකවරයාගෙන් ඉල්ලා සිටියේය.

ගමේ පන්සලට හීල් දානයන් පිරිනමා පි‍්‍රයන්තගේ නම කියා පැන් වඩා පින් අනුමෝදන් කොට නැවත එන්නැයි ගවේෂකවරයා ඔවුන්ට උපදෙස් දුන් අතර ඒ දානය දැක සතුටු වී පින් අනුමෝදන් කර ගන්නැයි ගවේෂකවරයා ද පේ‍්‍රතයාට ද කීවේය.

දානය පිරිමනා ඔවුහු නැවත පැමිණියහ. එදින පළතුරු වට්ටියක් ගෙන්වා ප්‍රේතයා ඊට සම්බන්ධ කළ ගවේෂකවරයා ගීතාංජලී අතේම භූතාත්මය කැළණියට යැව්වේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49