ගිවිසුම්වලට එළඹෙද්දී රටට හිතකර දැයි සහතික කරගන්න – සජිත් (වීඩියෝ)

ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී ඇති කරගන්නා ගිවිසුම් රටට හිතකර බවට සහතික විය යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා.

සක්වළ සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ පෞද්ගලික කාල රාමු තුළ ගිවිසුම් ඇති කර ගැනීම රටට අවාසි සහගත බවයි.

මෙවර මෙම වැඩසටහනේ 276 වැනි අදියර පැවැත්වුණා.

ඒ කළුතර – බේරුවල සෑම් රිෆායි හාජියාර් මහා විද්‍යාලයේ දී යි.