ගිලන් රථයෙන් ඇද වැටුණු රෝගියා ජීවිතක්ෂයට

ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙක් තම පාදවල ඇති වූ තුවාල ආසදනය වීම නිසා පසු ගිය දා බද්දේගම රෝහලට පැමිණ තිබෙනවා.

දින තුනක් පමණ අදාළ රෝගියා බද්දේගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ඇති අතර පසුගිය 30 වැනිදා රාත්‍රියේ ඔහුගේ තත්ත්වය ආසධ්‍ය වීම නිසා කරාපිටිය ජාතික රෝහල වෙත මාරුකර යැවීමට කටයුතු කර ඇති බවට වාර්තාවනවා.

ගිලන් රථයක් මඟින් අදාළ රෝගියා කරාපිටිය ජාතික රෝහල වෙතට රැගෙන යන අතරතුර මීපාවල ප්‍රදේශයේ දී ගිලන් රථයේ පසුපස දොර විවර වී රෝගියා මාර්ගයට ඇඳ වැටී ඇති අතර ඒ පිළිබද නොදැන රියැදුර විසින් ගිලන් රථය ඉදිරියට ධාවනය කර ඇති බවයි පැවසෙන්නේ.

පසුපසින් යතුරුපැදියක පැමිණි පුද්ගලයෙක් විසින් රියදුරුව දැනුවත් කිරීමෙන් අනතුරුව රියදුරු ගිලන් රථය නතර කිරීමෙන් පසු පිටුපස සිටි සාත්තු සේවකයා වැටී සිටි රෝගියා දෙසට දිව ගොස් ඇති අතර ගිලන් රථය ද පසුපසට ධාවනයක් කර රෝගියාව නැවත ඊට දමාගෙන කරාපිටිය ජාතික රෝහල වෙතට ගෙනගොස් තිබුණා.

නමුත් අදාළ රෝගියා රථයෙන් වැටුණු බව කරාපිටිය රෝහලේ කාර්ය මණ්ඩලයට ඔවුන් විසින් දැනුවත් කර නොමැති බවයි වාර්තා වන්නේ.

රෝගියාගේ තත්ත්වය බරපතල වූ නිසා ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඔහුට ශල්‍යකර්මයක්ද සිදුකළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

ශල්‍යකර්මය සිදුකළ ද අදාළ රෝගියා පසුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන්ද ගිලන් රථයෙන් ඇඳ වැටීම පිළිබද නොදැනුවත් අතර මුහුණුපොත ඔස්සේ අදාළ සිදුවීම සංසරණය වීමත් සමඟ ඒ පිළිබද සොයාබලා බද්දේගම පොලිසියාවෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

බද්දේගම පොලිසිය විසින් තම පොලිස් වසමට අදාළ නොවන බව පවසමින් එම පැමිණිල්ල භාරගෙන නොමැති අතර පොද්දල පොලිසිය වෙතට පැමිණිල්ල ඉදිරිපත් කරන ලෙසයි දැනුම් දී ඇත්තේ.

පොද්දල පොලිසිය වෙතට ද පැමිණිලි කර තිබුණ ද එම පොලිසිය විසින් ද පැමිණිල්ල භාර ගැනීම ප්‍රතික්ෂේප කළ බවයි ඔවුන් පවසා සිටියේ.

සිද්ධියට අදාළව CCTV දර්ශනද තිබෙන අතර පවුලේ සාමාජිකයන් ඉල්ලා සිටින්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර ,මියගිය පුද්ගලයාට සාධාරණයක් ඉටු කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
0
+1
1
+1
3
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06
Video thumbnail
කට උත්තරයක් දෙන්න ආ මුජිබුර් ආණ්ඩුව සැරටම අමතයි
08:01
Video thumbnail
ක්‍රීඩාපිටියක් වැනසූ බස් පි#සෝ - පේනවද කරන විනාශය
01:48
Video thumbnail
රනිල් වික්‍රමසිංහත් මරියසෙල් ගුණතිලකට අවසන් ගෞරව දක්වයි
01:58