spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගිය ආණ්ඩුවේ ප්‍රබලයන් කිහිපයකගේ නම් අවසන් පාස්කු වාර්තාවේ තියෙනවා ලු

පාස්කු ප්‍රහාරයට අදාළව පුද්ගලයන් 32 දෙදෙනෙකුට විරුද්ධව මනුෂ්‍ය ඝාතන සහ කුමන්ත්‍රණ කිරීම් සම්බන්ධයෙන් නඩු පැවැරීමට ලිපිගොනු යොමු කර ඇතැයි ද තවත් 251 දෙනෙකු රැඳවුම් නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කර ඇතැයි ද මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවැසීය.

පසුගියට ආණ්ඩුවේ සිටි ප්‍රබලයන් කිහිප දෙනකුගේ නම් ද පාස්කු ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ සඳහන් වී තිබෙන බව, අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ පැවති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

මෙහිදී පාස්කු ප්‍රහාරයට අදාළව පත් කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව සම්බන්ධව මාධ්‍යවේදීන් කළ විමසීමේදී අමාත්‍යවරයා පැවසුවේ එම පාස්කු ප්‍රහාරයට අදාළ සිදුවීම් අටක් සම්බන්ධයෙන් ලිපිගොනු වෙන් වෙන් වශයෙන් මේ වන විට නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවය. 

නීතිපතිවරයා විසින් නීතිඥවරුන් 12 දෙනෙකු පත්කර ඒ පිළිබඳ සොයා බලන බව ද ඔහු සඳහන් කළේය. 

එහිදී ඒ මහතා මෙසේද පැවැසීය.

”සුමන්තිරන් මන්ත්‍රිවරයාට ලබාදී තිබූ විශේෂ පොලිස් කාර්ය බළකා ආරක්ෂාව ඉවත් කළා. ඒ මන්ත්‍රිවරයා පසුගිය දා පැවැති උද්ඝෝෂණයට එක්වෙලා ඉන්නවා අපි දැක්කා. ඒ උද්ඝෝෂණයට 2000ක් 2500ක් විතර ඇවිත් හිටියා. සුමන්තිරන් මන්ත්‍රිවරයාට STF ආරක්ෂාව ලබා දුන්නේ ත්‍රස්තවාදී තර්ජන තියෙන බව සලකලයි. නමුත් අධිකරණය හා පොලිසිය මඟින් තහනම් කර තිබූ උද්ඝෝෂණයකට එයා සහභාගි වී සිටියා. කොහොම ද ඒ වගේ තැනකට යන අයෙකුට ආරක්ෂාවක් දෙන්නෙ. අවුරුදු හැට පහක් විතර දකුණේ ජනතාවත් එක්ක ජීවත් වුණු ඒ මන්ත්‍රීවරයා දැන් උතුරට ගිහින් ජාතීන් අතර අසමගිය ඇති කරනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?