ගිය ආණ්ඩුවේ ප්‍රබලයන් කිහිපයකගේ නම් අවසන් පාස්කු වාර්තාවේ තියෙනවා ලු

පාස්කු ප්‍රහාරයට අදාළව පුද්ගලයන් 32 දෙදෙනෙකුට විරුද්ධව මනුෂ්‍ය ඝාතන සහ කුමන්ත්‍රණ කිරීම් සම්බන්ධයෙන් නඩු පැවැරීමට ලිපිගොනු යොමු කර ඇතැයි ද තවත් 251 දෙනෙකු රැඳවුම් නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කර ඇතැයි ද මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවැසීය.

පසුගියට ආණ්ඩුවේ සිටි ප්‍රබලයන් කිහිප දෙනකුගේ නම් ද පාස්කු ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ සඳහන් වී තිබෙන බව, අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ පැවති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

මෙහිදී පාස්කු ප්‍රහාරයට අදාළව පත් කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව සම්බන්ධව මාධ්‍යවේදීන් කළ විමසීමේදී අමාත්‍යවරයා පැවසුවේ එම පාස්කු ප්‍රහාරයට අදාළ සිදුවීම් අටක් සම්බන්ධයෙන් ලිපිගොනු වෙන් වෙන් වශයෙන් මේ වන විට නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවය. 

නීතිපතිවරයා විසින් නීතිඥවරුන් 12 දෙනෙකු පත්කර ඒ පිළිබඳ සොයා බලන බව ද ඔහු සඳහන් කළේය. 

එහිදී ඒ මහතා මෙසේද පැවැසීය.

”සුමන්තිරන් මන්ත්‍රිවරයාට ලබාදී තිබූ විශේෂ පොලිස් කාර්ය බළකා ආරක්ෂාව ඉවත් කළා. ඒ මන්ත්‍රිවරයා පසුගිය දා පැවැති උද්ඝෝෂණයට එක්වෙලා ඉන්නවා අපි දැක්කා. ඒ උද්ඝෝෂණයට 2000ක් 2500ක් විතර ඇවිත් හිටියා. සුමන්තිරන් මන්ත්‍රිවරයාට STF ආරක්ෂාව ලබා දුන්නේ ත්‍රස්තවාදී තර්ජන තියෙන බව සලකලයි. නමුත් අධිකරණය හා පොලිසිය මඟින් තහනම් කර තිබූ උද්ඝෝෂණයකට එයා සහභාගි වී සිටියා. කොහොම ද ඒ වගේ තැනකට යන අයෙකුට ආරක්ෂාවක් දෙන්නෙ. අවුරුදු හැට පහක් විතර දකුණේ ජනතාවත් එක්ක ජීවත් වුණු ඒ මන්ත්‍රීවරයා දැන් උතුරට ගිහින් ජාතීන් අතර අසමගිය ඇති කරනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23
Video thumbnail
ආණ්ඩුව රටම නොමඟ යවලා - ගල් අඟුරු වංචාව DV චානක හෙළිකරපු දේ
03:15
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30