spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගිනි නිවන රථයේ රියැදුරා වෙරිමතින් – ගින්න පැතිරී විශාල දේපොළ හානියකුත්

අම්පාර නගරයේ විසිතුරු භාණ්ඩ වෙළෙඳසැලක ඇති වූ ගින්නකින් මුළු වෙළෙඳසැල ම විනාශයට පත් ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ඊයේ රාත්‍රියේ දී මෙම ගින්න හටගෙන ඇති බවයි.

මෙලෙස ගිනි ගැනීමට ලක් ව ඇත්තේ එම ප්‍රදේශයේ පිහිටි විසිතුරු භාණ්ඩ අලෙවි සැලක්.

මෙහි වීදුරු උපකරණ, විද්‍යුත් සහ ප්ලාස්ටික් භාණ්ඩ රැසක් ද තිබී තිබෙනවා.

කෙසේවෙතත් ගින්න හටගැනීමත් සමග ප්‍රදේශයේ නගරසභාවේ ගිනි නිවන ඒකකය සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක වීම නිසා ඊයේ රාත්‍රියේ ගිනි ගත් වෙළෙඳසැල ඉදිරිපිට නොසන්සුන්තාවක් ද හට ගැනුණා.

ගම්වාසීන් චෝදනා කළේ නිසි වේලාවට ගින්න නිවා දැමීමට නගර සභාවේ ගිනි නිවන ඒකකය ක්‍රියාත්මක නොවුණු හෙයින් සිදු වූ අලාභ හානිය දැවැන්ත බවයි.

මේ හේතුවෙන් අම්පාර පොලිසිය විසින් ගිනි නිවීමට ප්‍රමාද වී ආ ගිනි නිවන රථයෙහි රියැදුරුවරයා සහ තවත් සේවකයින් තිදෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන පසු ව ඇප මත මුදා හැර තිබෙනවා.

ගින්න නිවීමට ගිනි නිවන රථය පැමිණෙන විටත්, එහි රියදුරු බීමත් ව සිටි බවත් හෙළි ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
2
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?