ගිනි නිවන රථයේ රියැදුරා වෙරිමතින් – ගින්න පැතිරී විශාල දේපොළ හානියකුත්

අම්පාර නගරයේ විසිතුරු භාණ්ඩ වෙළෙඳසැලක ඇති වූ ගින්නකින් මුළු වෙළෙඳසැල ම විනාශයට පත් ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ඊයේ රාත්‍රියේ දී මෙම ගින්න හටගෙන ඇති බවයි.

මෙලෙස ගිනි ගැනීමට ලක් ව ඇත්තේ එම ප්‍රදේශයේ පිහිටි විසිතුරු භාණ්ඩ අලෙවි සැලක්.

මෙහි වීදුරු උපකරණ, විද්‍යුත් සහ ප්ලාස්ටික් භාණ්ඩ රැසක් ද තිබී තිබෙනවා.

කෙසේවෙතත් ගින්න හටගැනීමත් සමග ප්‍රදේශයේ නගරසභාවේ ගිනි නිවන ඒකකය සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක වීම නිසා ඊයේ රාත්‍රියේ ගිනි ගත් වෙළෙඳසැල ඉදිරිපිට නොසන්සුන්තාවක් ද හට ගැනුණා.

ගම්වාසීන් චෝදනා කළේ නිසි වේලාවට ගින්න නිවා දැමීමට නගර සභාවේ ගිනි නිවන ඒකකය ක්‍රියාත්මක නොවුණු හෙයින් සිදු වූ අලාභ හානිය දැවැන්ත බවයි.

මේ හේතුවෙන් අම්පාර පොලිසිය විසින් ගිනි නිවීමට ප්‍රමාද වී ආ ගිනි නිවන රථයෙහි රියැදුරුවරයා සහ තවත් සේවකයින් තිදෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන පසු ව ඇප මත මුදා හැර තිබෙනවා.

ගින්න නිවීමට ගිනි නිවන රථය පැමිණෙන විටත්, එහි රියදුරු බීමත් ව සිටි බවත් හෙළි ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38