ගිනි ගැනීමට ලක්වන එක්ස්ප්‍රස් පර්ල් නැවේ පිපිරීමක්

කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමකට ලක්ව තිබෙන එක්ස්ප්‍රස් පර්ල් රසායන ද්‍රව්‍ය ප්‍රවාහන නෞකාවේ සිදුවූ පිපිරීමකින් තුවාල ලැබූ දෙදෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 25 දෙනා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන් ඉවත් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එසේම, නෞකාවේ ගින්න වර්ධනය වීමත් සමඟ එහි තිබූ බහාළුම් 08 ක් මේ වනවිට මුහුදට වැටී ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී, නීතිඥ දර්ශනී ලහඳපුර සඳහන් කළා.

කොළඹ වරායට නුදුරින් නැංගුරම් ලා ඇති සිංගප්පූරුවට අයත් ටොන් 37,000 ක් බරැති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බහාලුම් 1,486ක් සමන්විත අතර එහි ගින්නක් හට ගනු ලැබුවේ පසුගිය 19 වනදායි.

නෞකාවේ හටගෙන ඇති ගින්න පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සිංගප්පූරු සමාගමක් ද හවුල් වී තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?"හොඳ කරත් බැනුම් අහනවා..නරක කරත් බනිනවා.."
07:13
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිගේ ප්‍රධානත්වයෙන් පානදුරේ සිදුකළ අත්තම..ගැම්මට උපදෙස් දුන්න හැටි
08:01
Video thumbnail
නාමල් හැසිරෙන්නේ මැ#ර නායකයෙන් වගේ - චණ්ඩි පාට් මැදමුලනේ දාගන්න..අපි බය නෑ
03:40
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් ආණ්ඩුවට සත්තමක් - දුර්වල ආණ්ඩුවක්නේ..විරුද්ධවෙන මිනිහා හිරේට දානවා
01:41
Video thumbnail
සාජන් බංඩාව පොලිස්පති කරන්න යෝජනා කරනවා - ශානිගේ DIG තනතුර ගැන අහද්දි ගම්මන්පිලගෙන් යෝජනාවක්
01:23
Video thumbnail
රැඳවියන්ට සලකන හැටි හිරුණිකා හෙළිකරයි - කාන්තාවන්ව නි#වත් කරලා චෙක් කරන්නේ..බන්දේ පොලිසිය අමා#ෂිකයි
12:11
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය - මෙන්න කැමරාවට හසුවූ දර්ශන
01:51
Video thumbnail
JVP එකේ කොට අය රජීව්ගේ උසට ඊර්ෂ්‍යා කරනවා ? මාලිමාව, රජීව්ව ටාගර්ට් කරගෙන
07:52
Video thumbnail
ඊළඟට මොන බන්ධනාගාරයේ ම# ගයිද දන්නේ නෑ ?බන්ධනාගාර උණුසුම ගැන අනිල් කට අරියි
02:43
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක් - "උඹ පොටෝ බැරිනම් ෆේස්බුක් හරි දාපන්"
01:07