ගිනිගත් නැවෙන් තෙල් කාන්දුවක් ? සාගර නිරීක්ෂකයන් සැක පළකරයි (ඡායාරූප)

කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක් දුරින් ගිනිගැනීමට ලක්වූ MVXPresspearl නෞකාවෙන් සිදුවන තෙල් කාන්දුවක් බවට සැකකළ හැකි යමක් දර්ශනය වන බව සමුද්‍ර දූෂණය පිළිබඳව නිරීක්ෂණය කරන යුරෝපීය marine pollution surveillance report නමැති වාර්තාවක් පෙන්වා දෙනවා.

මෙම දත්ත සඳහා අදාළ වාර්තාව උපයෝගී කරගෙන ඇත්තේ සාගර කලාපයන්හි සිදුවන දේශගුණික වෙනස්කම් නිරීක්ෂණය සහ කළමනාකරණය කිරීමට භාවිත කරන චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක්.

එම වාර්තාවෙන් ඔවුන් පෙන්වාදෙන්නේ මෙම තෙල් බවට සැකකළහැකි පැල්ලම කිලෝමීටර් තුන් කාලක පමණ ප්‍රදේශයක් පුරා පැතිරී ඇති බවයි.

එය පවතින සුළං තත්වයත් සමඟ තවදුරටත් ව්‍යාප්ත විය හැකි බවත් එම වාර්තාවෙන් පෙන්වාදෙනවා.

ඔවුන් පවසන්නේ නැව ස්ථානගතව ඇති ප්‍රදේශය අවට නාවික සැතපුම් 12ක් පමණ දුරට මෙය ව්‍යාප්තවිය හැකි බවටයි.

එමෙන්ම එම තෙල් පැල්ලම නැව ස්ථානගතව ඇති ප්‍රදේශයේ සිට උතුරු සහ වයඹ දිශානතිය ඉලක්කරගෙන නාවික සැතපුම් 3කට ආසන්න දුරකට සිහින් රේඛාවක් මෙන් පැතිර ගොස් ඇති බවයි.

එමෙන්ම එය ප්‍රදේශය අවට පවතින සුළං තත්වය හේතුවෙන් වරින් වර වෙනස්වන බවත් මෙම චන්ද්‍රිකා ගන්නා අවස්ථාවේදී වාර්තා වූ සුළං වේගය පැයට නාවික සැතපුම් 12ක් ලෙසින් වාර්තා වූ බවත් එහි සඳහන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චරිත් අත්අඩංගුවට ගැනීම ගැන සජබ වරුණගෙන් ඇස් උඩයන හෙළිදරව්වක් - ප්‍රබල වීඩියෝවක් එළියට දායි
20:07
Video thumbnail
මම කිසිම පක්ෂ දේශපාලනයක නෑ දැන් - අගමැති - ජනපති එක්ක සාකච්ඡාවක් දෙන්න
18:47
Video thumbnail
ජනපති ඇවිත් කිව්ව දේට දායාසිරි කට උත්තර නැතිවෙන්න කියයි - ශානි, රවී අපේ සතුරෝ නෙවෙයි - විහිළු කතානේ
12:39
Video thumbnail
පාර්ලිමේන්තුව යුද පිටියක් වෙයි..දායාසිරි - කුමාර ජයකොඩි යකා නටයි - ඇයි ඔයා පැන පැන දෙන්නේ
11:43
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ නඩුව අගෝස්තු 21දක්වා කල් යයි - අපි සම්පූර්ණයෙන්ම මේක හෙළා දකිනවා
03:06
Video thumbnail
ට්‍රීට්මන්ට් ගන්න ආ කොල්ලා වීඩියෝ කළා කියලා SPA අක්කට යකා නගියි - මූ තියෙනවා කැමරාව මට තේරුණා
01:15
Video thumbnail
දයාසිරි කුපිත වී යකා නටයි - ඩෙංගුවලින් අද රට ඉවරෙටම ඉවරයි..ඇමතිත් නෑ නියෝජ්‍ය ඇමතිත් නෑ..
02:12
Video thumbnail
චරිත් සහ විජයදාසගේ පුතා ගැන ආනන්ද විජේපාල කට අරියි - අල්ලස් ගැනීම බරපතළ ක්‍රියාවක්
04:42
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට හොඳම එකෙන් කියද්දි දිලිත්ටත් හොඳටම හිනා - වටේ යන්නේ නෑ.. වටේ යන්න වෙනවා මේවට
06:17
Video thumbnail
අජිත් - හර්ෂණ පාර්ලිමේන්තුවේ ගැටෙයි - ඇයි මෙච්චර පරක්කු - මොකක්ද තියෙන ප්‍රගතිය
07:30