ගිනිකොනදිග ආසියාතික රටවල සංගමය සහ ඉන්දියාව අතර සබඳතා තර වෙයි

ආසියාන්-ඉන්දියා සබඳතා: දීර්ඝකාලීන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ඉන්දියාවේ කැපවීම නැවත තහවුරු කෙරේ

ගිනිකොනදිග ආසියාතික රටවල සංගමය (ASEAN) සහ ඉන්දියාව අතර පවතින දීර්ඝකාලීන උපායමාර්ගික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමටත්, කලාපීය ස්ථාවරත්වය වෙනුවෙන් එකිනෙකා අතර පවතින සබඳතා ශක්තිමත් කිරීමටත් දෙපාර්ශවයම නැවත වරක් සිය කැපවීම තහවුරු කර තිබෙනවා.

මෙම තීරණයට එළැඹ ඇත්තේ පිලිපීනයේ පැවැත්වෙන ආසියාන් සංවිධානයේ රටවල විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සමගාමීව ඉන්දියාව සමග පැවැති නිල සාකච්ඡා වටයකදීයි.

මෙම සාකච්ඡාවලදී ප්‍රධාන වශයෙන් ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි අවධානය යොමු කර තිබේ. ඒ අතර වෙළඳ සහ ආර්ථික සහයෝගීතාව නංවාලීම, සාගර ආරක්ෂාව තහවුරු කිරීම, ඩිජිටල් තාක්ෂණය සහ සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීම මෙන්ම ජනතාව අතර සබඳතා වර්ධනය කිරීම ප්‍රධාන වනවා.

ආසියාන් කලාපය තුළ වෙළඳ බාධා ඉවත් කරමින්, නිදහස් වෙළඳ ගිවිසුම් යාවත්කාලීන කිරීම සහ සැපයුම් දාමයන්හි විශ්වාසනීයත්වය තහවුරු කිරීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

ඉන්දියාවේ ‘Act East’ ප්‍රතිපත්තිය සහ ඉන්දු-පැසිෆික් කලාපය පිළිබඳ ආසියාන් සංකල්පය පෙරදැරි කරගනිමින්, නිදහස්, විවෘත සහ නීතිය මත පදනම් වූ ඉන්දු-පැසිෆික් කලාපයක් පවත්වාගෙන යාමේ වැදගත්කම දෙපාර්ශවයම මෙහිදී පෙන්වා දී තිබෙනවා.

කලාපීය භූ-දේශපාලනික අභියෝග, ත්‍රස්තවාදයට එරෙහි සටන සහ දේශගුණික විපර්යාස හමුවේ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කරගැනීම සඳහා ඉදිරියටත් සමීපව කටයුතු කිරීමට දෙපාර්ශවයම එකඟතාව පළ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16