ගිරිඋල්ල ප්‍රදේශයේ ගිනිකෙළි වෙළඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා.
ඊයේ (13) සවස ගිරිඋල්ල කෙලින්වීදිය මාර්ගයේ තාවකාලිකව ඉදිකර තිබූ ගිනිකෙළි අලෙවිසැලකයි මෙම ගින්න හටගෙන ඇත්තේ.
එහිදී එම වෙළඳසැලේ තිබූ සියලුම වර්ගයේ ගිනිකෙළි විනාශ වී ඇති අතර දෙපස තිබූ වෙළඳසැල් දෙකක දේපළවලට ද අලාභ හානි සිදුවී තිබෙනවා.
ජීවිත හානි හෝ තුවාල සිදුවීම් වාර්තා වී නැහැ.
පොලිසිය, ප්‍රදේශවාසීන් සහ වෙළඳ සංගමය එක්ව ගින්න නිවා දමා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













