වෙඩි බෙහෙත් ආශ්‍රිත ව නිෂ්පාදන කටයුතු සිදු කරන ගිනිකෙළි කර්මාන්තශාලාවක විශාල පිපිරීමක් සිදු ව තිබෙනවා.
අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, කටාන ප්‍රදේශයේ මෙම සිදුවීම සිදු ව ඇති බවයි.
මෙම පිපිරීමෙන් කර්මාන්ත ශාලාවේ වෙඩි බෙහෙත් ආශ්‍රයෙන් නිපදවා තිබූ ගිනිකෙළි ද්‍රව්‍යයන් පුපුරා ගොස් තිබෙනවා.
මෙම අනතුරින් කිසිදු ජීවිත හානියක් සිදු නැතත්, දේපළ හානිය නම් ඉහළ බවටයි වාර්තා වන්නේ.
එහි නිෂ්පාදනය කර තිබූ සහ ඊට යොදා ගන්නා අමුද්‍රව්‍ය රැසක් මෙම පිපිරීමෙන් විනාශයට පත් ව ඇත්තේ කර්මාන්ත ශාලාවට රුපියල් 2,500,000ක අලාභයක් ද සිදු කරමින්.
මෙම පිපිරුමට හේතුව ඇතුළත සහ පිටත තිබූ අධික උෂ්ණත්වය බවටයි සැක පළ කරන්නෙ.
සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.














IF THERE IS NO DAMAGE TO ANY PEOPLE IT IS GOOD TO HEAR. BUT THE FELLOW WHO OWN THIS HAS TO BEGIN FROM ZERO. THAT IS THE SAD THING