ගිනිකඳු පිපිරී අයිස්ලන්තයේ හදිසි තත්ත්වයක්

රෙයික්ජානෙස් අර්ධද්වීපයේ ගිනිකඳු පිපිරීමක් හේතුවෙන් දකුණු අයිස්ලන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් ප්‍රදේශවලින් ඉවත්වන් ලෙසට ජනතාවට දැනුම් දී ඇති අතර, මේ වනවිටත් ග්‍රීන්ඩාවික් නගරය ඇතුළු අවට ප්‍රදේශ ගණනාවකට ලාවා ගලා යමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එලෙස විදාරණය වන ලවා ග්‍රීන්ඩාවික් නගරයේ නැගෙනහිර ආරක්ෂක තාප්පය දක්වාම ගලා විත් තිබෙනවා.

මෙම පිපිරීම හේතුවෙන් කෙෆ්ලාවික් ජාත්‍යන්තර ගුවන් තොටුපළට සහ අනෙකුත් ප්‍රාදේශීය ගුවන් තොටුපළවලට බලපෑමක් සිදුවී නැහැ.

කෙසේ වෙතත් අයිස්ලන්තයේ ගුවන් කලාපය විවෘතව පවතින බවයි එම මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

2023 දෙසැම්බරයේ සිට අයිස්ලන්තයේ සිදු වූ සිව්වන එවැනි ගිනිකඳු පිපිරීම මෙය වනවා.

මේ හේතුවෙන් ගිනි කන්දේ බටහිර සහ දකුණු ස්ථාන දෙකකින් ලාවා විදාරණය වෙමින් පවතින බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39