බුත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් මහගොඩයාය ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී ගිනිඅවි දෙකක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු එම ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු 45ක පුද්ගලයෙක් බවයි.
සැකකාර පුද්ගලයා කුමන හේතුවක් මත මෙම ගිනිඅවි ළඟ තබාගෙන සිටියේ ද යන්න නිශ්චිත තොරතුරක් අනාවරණය වන්නේ නැහැ.
සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.










