ගෑස් සිලින්ඩරය තුළ සූක්ෂ්ම ව සිදු කළ කසිප්පු පෙරිල්ල හසුවෙයි (වීඩියෝ)

ගෑස් සිලින්ඩරය තුළ සඟවා සූක්ෂ්ම ලෙස පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් වැටලීමට විශේෂ කාර්ය බලකාය හමුදා නිලධාරීන් සහ වැලිපැන්න පොලිසිය සමත් වුණා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ වැලිපැන්න පොලිස් වසමේ කටුගහහේන ප්‍රදේශයේ නිවසක දීර්ඝ කාලයක් තිස්සේ මෙම මත්පැන් ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවට අනාවරණය වී ඇති බවයි.

අවස්ථා කිහිපයකදී ම මෙම නිවස වැලිපැන්න පොලිසිය මගින් පරීක්ෂා කිරීම් සිදු කළ ද එම මත්පැන් ජාවාරම කෙසේ සිදු කරන්නේ ද යන්න පිළිබඳ ව සොයාගත නොහැකි වූ බවත් පැවසෙනවා.

මේ දිනවල ක්‍රියාත්මක විශේෂ පොලිස් මෙහෙයුමේ දී මෙම නිවස පරීක්ෂා කිරීම යළිත් සිදු වූ අතර එම නිවසේ මුළුතැන්ගේ තුළ මත්පැන් දුගඳ වහනය වීම නිසා එම නිවසේ මුළුතැන්ගෙය විශේෂ පරීක්ෂාවකට ලක් කළ බවයි වාර්තාකරු පැවසුවේ.

එහිදී එම මුළුතැන්ගේ තිබූ ගෑස් සිලින්ඩරය පිළිබඳ ව සැක සිතූ පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය එම ගෑස් සිලින්ඩරය පරීක්ෂා කරන අවස්ථාවේ දී දැකගත හැකි වූයේ එම ගෑස් සිලින්ඩරයේ යටි කොටස ඉතා සූක්ෂ්ම ලෙස කපා ඒ තුළට මත්පැන් බෑග්වල යොදා අසුරා ඇති බවයි.

ඉතා සූක්ෂ්ම ලෙස මෙම මත්පැන් එම ගෑස් සිලින්ඩරය තුළට දමා සැක නොසිතන සේ එම ගෑස් සිලින්ඩරය ද රෙගියුලේටරයක් යොදා ගෑස් උදුනට සම්බන්ධ කර තිබෙනයුරු ද නිරීක්ෂණය වී තිබෙනවා.

එම ගෑස් සිලින්ඩරය පරීක්ෂා කිරීමේ දී ගෑස් සිලින්ඩරය තුළ තිබී නීතිවිරෝධී මත්පැන් අඩංගු පාර්සල් 25කට ආසන්න ප්‍රමාණයක් පොලිසිය විසින් සොයාගනු ලැබුවා.

මීට අමතරව එම නිවස ආසන්නයේ තිබූ තවත් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ද පොලිසිය තම භාරයට ගත් බවයි වාර්තාකරු සඳහන් කළේ.

ජාවාරමේ මහමොළකරු වන 40 හැවිරිදි අයෙක් ද පොලිස් අත් අඩංගුවට ගැනුණු අතර සැකකරු අද (24) දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14