ගෑස් මෙට්‍රික් ටොන් 3,800ක් රැගත් තවත් නෞකාවක් දිවයිනට

LP ගෑස් මෙට්‍රික් ටොන් 3,800ක් රැගත් තවත් නෞකාවක් දිවයිනට පැමිණි බව ලිට්‍රෝ සමාගම දැනුම් දෙනවා.

එමෙන්ම පෙරේදා දිනයේ පස්වරුවේ දිවයිනට ලඟා වූ ගෑස් මෙට්‍රික් ටොන් 2800ක් රැගත් නෞකාවේ අඩංගු ගෑස් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගොඩබෑමට නොහැකි තත්ත්වයක් මතුව තිබුණා.

මේ අතර අද (19) දිනයේ සිට ගෑස් සිලින්ඩර 80,000 බැගින් වෙළඳපොලට නිකුත් කිරීමට ලිට්‍රෝ සමාගම සැලසුම් කර තිබෙනවා.