ගෑස් මිල වැඩි වීමත් සමග ආහාර පාන කිහිපයක මිල ඉහළට (වීඩියෝ)

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ගණන් ඉහළ නැංවීමත් සමග ආහාර වර්ග කිහිපයක මිල ඉහළ දැමීමට ආපන ශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එහි සභාපති අසේල සම්පත් අද පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේ ප්ලේන්ටියක මිල රුපියල් 10කින්, කොත්තුවක මිල රුපියල් 20කින් සහ රයිස් එකක මිල රුපියල් 50කින් ඉහළ නංවන බවයි.