ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363කින් ඉහළ දැමීමට පාරිභෝගික සේවා අධිකාරියේ අනුමැතිය හිමි ව තිබෙනවා.
ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 1,856ක්.
එමෙන්ම, එම වර්ගයේ කිලෝ ග්‍රෑම් 05ක කුඩා ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් ඉහළ යන අතර, එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 743ක්.













