Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ගෑස් මිල දැනෙන්න අඩුවෙන දිනය අද

ලිට්‍රෝ ගෑස් මිලේ සංශෝධනයක් අද (04) මධ්‍යම රාත්‍රියේ සිදුකිරීමට නියමිත බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පසුගිය දා සඳහන් කළා.

ඒ, අනුව ඔහු පැවසුවේ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් තුන්දහසේ සීමාවෙන් පහළ අගයක් දක්වා අඩු අඩු කිරීමට කටයුතු කරන බවයි.

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් පසුගිය මස 04 වනදා සිදුකළ මිල සංශෝධනයට අනුව කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 452කින් අඩු කෙරුණා.

ඒ, අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල මේ වන විට දැක්වෙන්නේ රුපියල් 3,186.00ක් ලෙසටයි.

එමෙන්ම කිලෝග්‍රෑම් 05ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,281.00ක් ලෙසත්, කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 598.00ක් ලෙසටත් මේ වනවිට දැක්වෙනවා.