ගෑස් මිල ගණන් අඩු වුනේ මෙහෙමයි

ගෑස් මිල ගණන් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගන්නා බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

ඒ, අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 150.00කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 3,790ක්.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60.00කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,522ක් වෙනවා.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් මිල රුපියල් 28.00කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 712ක් ලෙසයි දැක්වෙන්නේ.