ගෑස් මිල අඩු වුනත් පාන් මිලේ අඩුවක් නැහැ

ගෑස් මිල අඩු කිරීමට කටයුතු කළ ද පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමට හැකියාවක් නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කළේ පාන් මිල අඩුකළ හැක්කේ තිරිඟු පිටි මිල ගණන් අඩු වුවහොත් පමණක් බවයි.

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 15.00කින් අඩු කිරීමත් සමඟ අවසන්වරට පාන් ගෙඩියක මිල රුපියල් 10.00කින් අඩු කරනු ලැබුවා.

මේ අතර ගෑස් මිල අඩු කිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගම ඊයේ (03) සඳහන් කළ අතර, අඩු වූ මිල ගණන් සම්බන්ධයෙන් අද (04) දිනයේ දී එම සමාගමේ සභාපතිවරයා විසින් පාරිභෝගික ජනතාව දැනුවත් කළා.

අනුව එම සමාගම තීරණය කළේ කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,005 කින් අඩු කිරීමටයි.

මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගම ගත් මෙම තීරණයත් සමඟ ලාෆ්ස් ගෑස් මිල ද සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව එම සමාගම පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් පුතා වෙනුවෙන් ආ මහප්පා...
00:23
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් ගැන සාගර එළියට ඇවිත් කිව්ව දේ - කිසිම තැනක නාමල්ගේ නම සටහන්වෙලා නෑ
01:11
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් විදුලිබල පද්ධතියට එක් කරයි
04:05
Video thumbnail
නාමල් සර්ට ජයවේවා කියලා අධිකරණය ඉදිරිපිට කෑගැසූ තරුණිය..
00:17
Video thumbnail
නාමල් වෙනුවෙන් කාන්තාවන් පෙරට - ඔහොම ඇතුල් කරලා කවදාවත් දිනන්න බෑ..අනුරගේ අවසානය ඔය
01:01
Video thumbnail
"අනුරගේ අවසානය තමයි මේ.. බුදියගෙන හිටපු අය නැගිට්ටෙව්වා අනුර"
00:24
Video thumbnail
කථානායක ඉල්ලා අස්වෙන්නද යන්නේ ?මාලිමා ඇමති සියල්ල හෙළිකරයි
00:50
Video thumbnail
අධිකරණයට ආ නාමල් ගැන සුසිල්ගෙන් සැර කතාවක් - පාතාලය ඔඩොක්කුවේ තියාගෙන හුරතල් කළේ
01:39
Video thumbnail
අතුරුදන් වූ 96 හැවිරිදි කාන්තාවගේ සිරුර කැලෑ ප්‍රදේශයකින් හමුවෙයි - "මට මේක ගැන සැකයක් ඇතිවෙනවා"
03:50
Video thumbnail
අපරාධ සහ රිය අනතුරු අවම කරන්න වැල්ලවායේ පොලිසිය ත්‍රීරෝද රථවල ස්ටිකර් අලවයි
01:18