ගෑස් මිල අඩු වුණත් බේකරි නිෂ්පාදන මිල අඩු කරන්න බැහැ

ගෑස් මිල අඩු කළ ෆ්ස් බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමේ හැකියාවක් නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසනවා.

බේකරි නිෂ්පාදකයන්ගෙන් 75%ක් පමණ ඩීසල්, දර හෝ විදුලිය භාවිතා කිරීම ඊට හේතුව බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඩොලරයේ අගය පහත වැටීමට සාපේක්ෂව තිරිඟු පිටි, මාගරින්, යීස්ට් සහ බිත්තර මිල අඩු වුවහොත් පමණක් ඉදිරියේදී ජනතාවට සහනයක් ලබාදීමට හැකියාව පවතින බව එන්. කේ. ජයවර්ධන මහතා සඳහන් කර තිබෙනවා.

ඩොලරයේ අගය ඉහළ යන බව පවසමින් තිරිඟු පිටි ඇතුලු ද්‍රව්‍ය මිළ ඉහළ දැමු ආකාරයටම ඩොලරයේ අගය පහළ යනවිට ද එම ද්‍රව්‍යවල මිල අඩු කරන ලෙසට එම සමාගම්වලින් ඉල්ලීමක් කරන බව ද බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ ගෑස් මිල වැඩි වූ කිසිදු අවස්ථාවකදී බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නොදැමූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
5
+1
3
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01