spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෑස් මිල අඩු වුණත් බේකරි නිෂ්පාදන මිල අඩු කරන්න බැහැ

ගෑස් මිල අඩු කළ ෆ්ස් බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීමේ හැකියාවක් නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසනවා.

බේකරි නිෂ්පාදකයන්ගෙන් 75%ක් පමණ ඩීසල්, දර හෝ විදුලිය භාවිතා කිරීම ඊට හේතුව බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඩොලරයේ අගය පහත වැටීමට සාපේක්ෂව තිරිඟු පිටි, මාගරින්, යීස්ට් සහ බිත්තර මිල අඩු වුවහොත් පමණක් ඉදිරියේදී ජනතාවට සහනයක් ලබාදීමට හැකියාව පවතින බව එන්. කේ. ජයවර්ධන මහතා සඳහන් කර තිබෙනවා.

ඩොලරයේ අගය ඉහළ යන බව පවසමින් තිරිඟු පිටි ඇතුලු ද්‍රව්‍ය මිළ ඉහළ දැමු ආකාරයටම ඩොලරයේ අගය පහළ යනවිට ද එම ද්‍රව්‍යවල මිල අඩු කරන ලෙසට එම සමාගම්වලින් ඉල්ලීමක් කරන බව ද බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ ගෑස් මිල වැඩි වූ කිසිදු අවස්ථාවකදී බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නොදැමූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
5
+1
3
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?