spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෑස් මිලදී ගැනීමට පැමිණීමේ දී මැයි මාසයේ විදුලි බිලත් රැගෙන එන්න – ලිට්රෝ සමාගම

අද (11) සහ හෙට (12) දිනයන් වලදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට ගෑස් බෙදාහරින බවත්, අනෙකුත් ප්‍රදේශයන්ට 13 වනදා ගෑස් බෙදාහැරීම ආරම්භ කරන බවත් ලිට්රෝ සමාගම දැනුම් දෙනවා.

ඒ, අනුව ගෑස් බෙදාහැරීම පොලිසියේ සහ විශේෂ කාර්ය බලකායේ සම්බන්ධීකරණය හරහා සිදුවන බවයි එම සමාගම වැඩිදුරටත් දන්වා සිටින්නේ.

එමෙන්ම ගෑස් මිලදී ගැනීමේ දී මැයි මාසයට අදාල විදුලි බිල්පතක් ඉදිරිපත්කරන ලෙස එම සමාගම දැනුම් දෙන අතර, අනවශ්‍ය තොග රැස්කිරීම වැළක්වීම පිණිස මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි සඳහන් කළේ.

මේ අතර අද (11) දිනයේ සිට එම සාමාගම විසින් වෙළඳපොළට නිකුත් කරනු ලබන කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 50කින් ඉහළ දමන බව නිවේදන කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?