ගෑස් පෝලිම් වාසීන්ට සුබ පණිවුඩයක්…

ගෑස් මෙට්‍රික්ටොන් 3,900ක නෞකාවක් අද (08) දිවයිනට පැමිණ තිබෙනවා. ඒ සඳහා ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ඉතිරි මුදල ගෙවීමෙන් පසු ගෑස් තොගය ගොඩබෑමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගම මාධ්‍යයට සඳහන් කරනවා.

මෙම දිවයිනට ලඟා වූ ගෑස් තොගය දින 6කට ප්‍රමාණවත් බව ලිට්‍රෝ සමාගම පවසා සිටිනවා.

නමුත් දිවයින පුරා ගෑස් තොග බෙදාහැරීම නම් අද දිනයේ දී සිදුවන්නේ නැහැ.ඊයේ (07) දිනයේ විශේෂ බෙදාහැරීමක් ලෙස බස්නාහිර පළාතට පමණක් ගෑස් බෙදාහැරීමට ලිට්‍රෝ සමාගම පියවර ගෙන තිබුණි