spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෑස් පෝලිමක පුද්ගල මරණයක්

ගෑස් පෝලිමක රැඳී සිටි පුද්ගලයකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්වූ පුවතක් කොට්ටාව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්ත කොට්ටාව ප්‍රදේශයේම පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

ඔහු අද (12) උදෑසන කොට්ටාව ප්‍රධාන බස් නැවතුම්පොළ භූමියේ සංවිධානය කර තිබූ ලිට්රෝ ගෑස් බෙදාදීමේ ස්ථානයකට තම පුතු සමඟ ගොස් ඇති බව සඳහන්.

එහිදී පෝලිමේ රැඳී සිටින අවස්ථාවේ ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් එම පුද්ගලයා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පසුව එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස ඔහු මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?