spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෑස් පිපිරීම් ගැන අවසන් වාර්තාව ජනපති අතට

මෙරටින් වාර්තා වන ගෘහස්ථ ගෑස් සිලින්ඩර් පිපිරීම් ඇතුලු ගෑස් අනතුරු ආශ්‍රිත සිද්ධීන් පිළිබද අවසන් වාර්තාව අද පස්වරුවේ ජනාධිපතිවරයා වෙත භාරදී තිබෙනවා.

එම ජනාධිපති කමිටුවේ සභාපති මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පලගේ මහතා ඇතුලු කමිටු සාමාජිකයන් විසිනුයි එය භාරදී ඇත්තේ.

නිරීක්ෂණ සහ උපදෙස් රැසක් කමිටුව විසින් සකස් කල වාර්තාවට අන්තර්ගතයි.

ගෑස් සමාගම් – ප්‍රමිති කාර්යාංශ නිළධාරීන් – පාරිභෝගිකයන් ඇතුලූ පාර්ශව 40 කින් පමණ ප්‍රකාශ සටහන් කරගැනීමට කමිටුව කටයුතු කර තිබුණා.

ජනාධිපතිවරයා විසින් පසුගිය නොවැම්බර් 30 වනදා පත් කළ කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කලේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් – මාරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජිත් ද අල්විස් – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ඩබ්ලිව් ජයතිලක – මහාචාර්ය ප්‍රදීප් ජයවීර – ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය නාරායන් සිරිමුතු – කාර්මික තාක්ෂණ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුදර්ශන සෝමසිරි සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුජීව මහගමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?