ගෑස් පිපිරීම් ගැන අවසන් වාර්තාව ජනපති අතට

මෙරටින් වාර්තා වන ගෘහස්ථ ගෑස් සිලින්ඩර් පිපිරීම් ඇතුලු ගෑස් අනතුරු ආශ්‍රිත සිද්ධීන් පිළිබද අවසන් වාර්තාව අද පස්වරුවේ ජනාධිපතිවරයා වෙත භාරදී තිබෙනවා.

එම ජනාධිපති කමිටුවේ සභාපති මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පලගේ මහතා ඇතුලු කමිටු සාමාජිකයන් විසිනුයි එය භාරදී ඇත්තේ.

නිරීක්ෂණ සහ උපදෙස් රැසක් කමිටුව විසින් සකස් කල වාර්තාවට අන්තර්ගතයි.

ගෑස් සමාගම් – ප්‍රමිති කාර්යාංශ නිළධාරීන් – පාරිභෝගිකයන් ඇතුලූ පාර්ශව 40 කින් පමණ ප්‍රකාශ සටහන් කරගැනීමට කමිටුව කටයුතු කර තිබුණා.

ජනාධිපතිවරයා විසින් පසුගිය නොවැම්බර් 30 වනදා පත් කළ කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කලේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් – මාරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජිත් ද අල්විස් – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ඩබ්ලිව් ජයතිලක – මහාචාර්ය ප්‍රදීප් ජයවීර – ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය නාරායන් සිරිමුතු – කාර්මික තාක්ෂණ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුදර්ශන සෝමසිරි සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුජීව මහගමයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06