ගෑස් පිපිරීමකින් නිවසක් අළුවේ?

මන්නාරම ප්‍රාදේශීය ලේකම්කොට්ඨාශයේ කොට්ටෙයි ප්‍රදේශයේ නිවසක ඊයේ (06) දහවල් ගෑස් ලිපක් පිපිරීමෙන් ඇතිවූ ගිනිගැනීම හේතුවෙන් නිවස සම්පුරණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇත.

කොට්ටෙයි ප්‍රදේශයේ තනිව ජීවත්වූ කාන්තාවක් සිටි නිවසක අදාල කාන්තාව විසින් මීට දින කිහිපයකට පෙර රැගෙන ගිය ගෑස් සිලින්ඩරයක් භාවිතා කොට අද උදෑසන ආහාර පිසීම සිදුකොට ඇති අතර පසුව දහවල් ආහාර පිසීමට ආසන්න වූ අවස්ථාවේදී ගෑස් ලිප එකවරම පුපුරා ගොස් ඇති බවට ප්‍රදේශවාසීහු පැවසූහ.

ගෑස් ලිප පිපීරීමත් සමග ලිපට සවිකරන ලද වයරයද පුපුරා යාමෙන් ඇති වූ ගෑස් කාන්දුවකින් ගිනිගැනීම සිදුව ඇති අතර ගින්න එකවරම පැතිරීම හේතුවෙන් කාන්තාවද එලියට පැමිණ උදව් ඉල්ලා කෑ ගසා ඇත.

පසුව ගින්න වේගයෙන් පැතිරීම හේතුවෙන්  නිවස සම්පූරණයෙන්ම විනාශ වී ඇත.

නිවසේ සිටි කාන්තාව ගින්න නිවා දැමීමට ගත් උත්සහකදී ඇයද සිහිමුර්ජා වීම හේතුවෙන් මන්නාරම් රෝහලට ඇතුලත් කොට ඇත. 

නිවස ගිනිගැනීමට හේතුව නිශ්චිත වශයෙන්ම ප්‍රකාශ කල නොහැකි අතරම ගෑස් ලිප පිපිරී සිදුවූ ගෑස් කාන්දුවකින්ද යන්න පිළිබඳව පරික්ෂණයක් සිදුකරන බවටද මන්නාරම් පොලීසිය වැඩිදුරටත් පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව හිතන් ඉන්නේ 2/3 බලය කියන්නේ සක්විති රජකම කියලා - පච කිය කිය සොමියක් ගන්න
04:41
Video thumbnail
එරංගගේ කතාවට සංජීව රිදෙන්නම දෙයි
08:24
Video thumbnail
3නේ පන්තියේ ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?අනාගත පරම්පරාව කොහෙටද මේ යන්නේ ?
02:59
Video thumbnail
මේකාට නම් මොලයක් නෑ, ගංජා ගහලද ඉන්නේ..?
07:19
Video thumbnail
අනුරාධපුර බිහිසුණු අනතුරේ ඇඟ කිළිපොළා යන දර්ශන
01:25
Video thumbnail
සජිත්ට මඩ ගැසීම නිසා මහේෂ්ට යකා නගියි..දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දෙනවා
09:25
Video thumbnail
කෝටි 20ක් අරන් මහානායක පැනලා ගිහිල්ලා - අපේ සල්ලි අපිට ඕනේ
05:20
Video thumbnail
ගොවීන්ගෙන් ආණ්ඩුවට ප්‍රශංසා - වී මිල ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්
04:40
Video thumbnail
බලය මදිලු තවම ඇමතියා කියනවා.. තව මොන බලයක්ද උඹලාට දෙන්න ඕනේ..?
01:51
Video thumbnail
පෙර පිනකට දිවි ගලවාගත් සුදු මහත්තයා...
00:50