spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෑස් ගැටලුව ගැන අගමැති මහින්ද සාකච්ජාවක් කැඳවයි

ගෘහස්ථ ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් හා ගෑස්වල ප්‍රමිතිය පිළිබඳව මතු වී ඇති ගැටලු සම්බන්ධයෙන් ඊට අදාළ සියලු පාර්ශව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ලබන අඟහරුවාදා (21) විශේෂ සාකච්ඡාවක් සඳහා කැඳවා ඇති බව වාර්තා වනවා.

ඒ අනුව, ලිට්‍රෝ හා ලාෆ්ස් ගෑස් ආයතනවල ප්‍රධානීන්, ගෑස් පිපිරීම් පිළිබඳව සොයා බැලීමට පත්කළ විද්වත් කමිටුව, පාරිභෝගික සේවා අධිකාරිය, ප්‍රමිති කාර්යාංශය, ඛනිජ තෙල් සංස්ථාව හා පොලිසියේ ප්‍රධානීන් මෙම සාකච්ඡාව සඳහා කැඳවා ඇත.

එදින පෙරවරු 10.30ට ඇරඹෙන මෙම සාකච්ඡාවේදී ගෘහස්ථ ගෑස් පිපිරීම්වලට බලපා ඇති හේතු පිළිබඳව හා ඊට වගකිවයුතු පාර්ශ්ව පිළිබඳව ගත යුතු පියවර පිළිබඳව ද ජනාධිපතිවරයා පත්කළ විද්වත් කමිටුවේ නිර්දේශ ද නිගමනයකට පැමිණීම පාදක කරගෙන, අරමුණු කරගෙන මෙම සාකච්ඡාව කැඳවා ඇතැයි ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?