ගෑස් ගණන් ගියත් හෝටල් කෑම බීමවල මිල ඉහළ යෑමක් නැහැ

ගෑස් මිල ඉහළ දැමීමක් සිදුවුව ද ආහාර පානවල මිල ඉහළ දැමීමක් සිදු නොකරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එම සංගමය ඊයේ (05) පස්වරුවේ රැස්වී මෙම තීරණය ගත් බවයි එහි සභාපති අසේල සම්පත් සඳහන් කළේ.

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩුවීමේ වාසිය පසුගිය කාලය තුළ පාරිභෝගිකයා වෙත නොලැබීම සලකා බලා ඔවුන්ට තවත් පීඩනයක් එතැයි අපේක්ෂාවෙන් මිල වැඩි කිරීමක් සිදු නොකළ බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ගෑස් මිල ඉහළ දැමීමක් සිදුකළ ද බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමක් සිදු නොකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ද සඳහන් කර සිටියා.

ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ගෑස් මිල ඉහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33