ගෑස් ගණන් ගියත් හෝටල් කෑම බීමවල මිල ඉහළ යෑමක් නැහැ

ගෑස් මිල ඉහළ දැමීමක් සිදුවුව ද ආහාර පානවල මිල ඉහළ දැමීමක් සිදු නොකරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

එම සංගමය ඊයේ (05) පස්වරුවේ රැස්වී මෙම තීරණය ගත් බවයි එහි සභාපති අසේල සම්පත් සඳහන් කළේ.

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩුවීමේ වාසිය පසුගිය කාලය තුළ පාරිභෝගිකයා වෙත නොලැබීම සලකා බලා ඔවුන්ට තවත් පීඩනයක් එතැයි අපේක්ෂාවෙන් මිල වැඩි කිරීමක් සිදු නොකළ බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ගෑස් මිල ඉහළ දැමීමක් සිදුකළ ද බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමක් සිදු නොකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ද සඳහන් කර සිටියා.

ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ගෑස් මිල ඉහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19