ගෑස් කමිටුව ගෙයින් ගෙට යයි

ගෑස් ආශ්‍රිත පිපිරීම් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කමිටුව එම සිදුවීම් වාර්තා වූ නිවෙස් වෙත ගොස් පරීක්ෂා කිරීම් සිදුකර තිබේ.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ ගෘහස්ථ ගෑස් ආශ්‍රිත පිපිරීම් පිළිබඳ සොයාබැලීම හා ඒවා වළක්වා ගැනීමට අදාළ පියවර නිර්දේශ කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් පසුගිය 30 වැනිදා 08 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කරනු ලැබීය.

ඒ අනුව කමිටු සාමාජිකයින් පොලීසිය සමග එක්ව අදාළ නිවෙස් වෙත ගොස් පරීක්ෂා කිරීම් සිදුකළ බව වාර්තාකරු පැවසුවේය.

පසුගිය දිනවල ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තාවූ කොට්ටාව, අතුරුගිරිය සහ හංවැල්ල ප්‍රදේශවල නිවෙස් වෙත ගිය ඔවුන් පරීක්ෂා කර තොරතුරු සටහන් කරගැනීම සිදුකර තිබේ.

මේ අතර අද දිනයේ ද දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගෑස් ආශ්‍රිත පිපිරීම් 10කට ආසන්න සංඛ්‍යාවක් සිදුව ඇති බව වාර්තාකරුවන් සඳහන් කළේය.

නුවරඑළිය ප්‍රදේශයේ නිවසකින් වාර්තාවූ එවැනි සිදුවිමක් පිළිබඳ එම නිවසේ පදිංචි කාන්තාවක් මෙලෙස අදහස් පළ කළාය.

“ඊයේ රෑ වෙලා අපේ ගෙදර සිලින්ඩර් එකක් ලීක් වෙලා ළිප පුපුරලා ගියා. පිරිමි කට්ටිය කවුරුත් හිටියේ නෑ ගෙදර. අපේ 7 දෙනෙක් විතර ඉන්නවා. අපි පොලීසියට දැනුම් දුන්නා ආවේ නෑ. ඊයේ උදේ තමා ආවේ. මහත්තයා ගළවලා ගත්තා පස්සේ. එතකොටත් රස්නේ තිබුණා. කොළඹින් එන්න ඕනේ කිව්වා අපි දැන් මොනවත් අයින් කරේ නෑ. ඒ වුණාට අපිට බයයි.”

මේ වන විට ගෑස් අලෙවියේ අඩුවක් දක්නට ලැබෙන බව වෙළෙඳුන් පවසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට තද වැසි - වතු නිවාස රැසක් යටවෙයි
01:03
Video thumbnail
විපක්ෂ නායක සජිත් ICRC නියෝජිත ප්‍රධානීන් හමුවෙයි
00:47
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25