ගෑස් අනතුරකින් පසු නිවසක් ගිනිබත් වෙයි

වත්තල, හුණුපිටියේ නිවසක ගෑස් කාන්දුවක් හේතුවෙන්, ගින්නක් හටගෙන තිබේ.

කොළඹ ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගින්නෙන් නිවසට දැඩි හානි සිදුව ඇති බව ය.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීම් රථ 02ක් යොමු කළ බව ද, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ගින්නෙන් කිසිදු ජීවිත හානියක් නොමැත.