මීගහකිවුල, තල්දෙන 12 කණුව ප්‍රදේශයේ ඊයේ (02) පස්වරුවේ එම ප්‍රදේශයේම පදිංචි කාන්තාවන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබෙනවා.
මෙම ගැටුමෙන් තුවාල ලැබූ වයස අවුරුදු 06ක දැරියක් සහ කාන්තාවන් දෙදෙනෙක් මීගහකිවුල දිසා රෝහල වෙත ඇතුළත්කර ඇති බවයි වාර්තා වුණේ.
ඉන් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ කාන්තාවක් වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි පොලිසිය පැවසුවේ.
දෙපාර්ශ්වය අතර පැවති කෝන්තරයක් දුරදිග යෑමෙන් මෙම ගැටුම හටගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල රෝහල් පොලිසිය සහ කන්දකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.













