ගැහැණියකගේ ආදරය වචනයට හැරවූ ජනප්‍රිය නළුවා

කවුරුත් ආදරය කරන ජනප්‍රිය නළුවෙක් තමයි තුමිදු දොඩම්තැන්න කියන්නේ..
රසිය ආදරය නිරතුරුවම ලබාගන්නා තුමිදු සිය මුහුණු පොතේ ආදරණීය සටහනක් තබා තිබුණා..
ඒ ඔහුගේ ආදර කතාවට වසර අටක් සපිරීම නිමිත්තෙන්..

අවුරුදු 8 ක් පුරා අපේ ජීවිතයේ බර ඔසවාගෙන ආවේ ඇයයි. ඉතිං මේ ඡායාරෑපය ඒ බවට සාක්ෂියක් නෙමෙයිද?

මට මතක විදියට මේ දවස පහුගිය අවුරැද්දෙ අන්තිම දවස් වලින් එකක්.

උදේම නැගිටල, දවසම මහන්සි වෙලා හිටපු නිසා ඇය හිටියෙ තද නිදිමතකින්. ඒත් දවල් ඉර එලිය කාර් එක ඇතුලට කඩා වදින නිසා, නිදාගන්න එක පහසු වැඩක් නෙමෙයි. එහෙමයි කියල නින්ද අතඇරල දාන්න පුළුවන් වැඩකුත් නෙමෙයි. මේ අවුරැදු අට පුරාවට කරපු වැඩ එකක්වත් පහසු දේවල් උනෙත් නැහැනෙ.

විකල්පයක් විදියට, එහෙමත් නැත්තං ඉර එලියෙ පීඩාව නැතිකරගන්න පිටිපස්සෙ සීට් එකට යන්න ලෙහෙසියෙන්ම පුළුවන් කම තිබුනත්, ඇය ඒ විකල්පය තෝරගත්තෙ නෑ. කොච්චර සැර ඉර එලියක් උනත්, කොච්චර තද නිදිමතක් උනත්, තමංගෙ සැමියා සමග සමව අසුන්ගැනීම වෙනුවෙන්, ඒ හැම දෙයක්ම දරා ගන්න ඇය තීරණය කරල තිබුන.

“අනේ ඉතිං මං පිටිපස්සට ගියාම ඔයා ඩ්‍රයිවර් වෙනවනෙ..”
හේතුවක් විදියට කිව්වෙ ඒක….

අපි යමින් හිටියෙ ඉක්මන් ගමනක්. ඒක නිසා වාහනේ නවත්තල ඩිකියෙ තිබුන අවු ආවරණය ගෙනත් ෂටර් එකේ අමුණගන්නවත්, වාහනේ නවත්තනවට ඇය කැමති උනේ නැහැ.

ඉතිං මේ අවුරැදු අට පුරාවටම, විවාහය, ආදරය, කරදර, පීඩා, හදිසිය, මහන්සිය සහ විවේකය වෙනුවට ඇය තෝරගත්තෙ බර ඔසවාගෙන යෑම පමණයි.

ඉතිං මේ ඡායාරෑපය ඒ ‘බරට’ උපහාරයක්

දැං ඉතිං උඹල අහන්න එපා මං මොනවද කලේ කියල.

මං තමයි ඒ බර .

දැං අවුරැදු හතරක් තිස්සෙ මට අමතරව, මගෙන් බාගෙකුත් ඉන්නව .

ඉතින් ගැහැණු ඒ කරන දරාගැනීම දකින්න පුලුවන් හිතක් ඇති පිරිමියෙකු දැකීමත් වාසනාවක්.ගැහැණිය කියන්නෙම දරාගැණීම කිව්වට ඒක දකින්න පුලුවන් හොද ඇස් දෙකක් ඇති පිරිමියෙක් තමන්ගේ ජිවිතේට ලැබීමත් ගැහැණියක් ලබන මහා පිනක්. ඉතින් තුමිදු සහ කළනි ඔබ දෙපලට සුබ පතමු.බොරු සොබන පිරි ලොකේ ආදරේ නම් කුමක්ද කියා සුලු ලෙස හරි කියා දුන් නිසා ඔබට ස්තූතියි දුමින්දු.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39
Video thumbnail
නාමලුත් කෙඳිරි ගාන්නේ නෑ, මමත් කෙඳිරි ගාන්නේ නෑ
03:04
Video thumbnail
හරිනිට ව# දෙන්න ටිල්වින් සිල්වයි අනුර කුමාරයි සැලසුම් කරනවා..?
01:50
Video thumbnail
"එකෙක් සිරගත කරද්දි,100 ක් පිබිදිලා එනවා"
00:11
Video thumbnail
අක්‍රමිකතාවක් ගැන පොලිස්පතිට එරෙහිව පැමිණිල්ලක් - හිතවතාට බයික් ගෙන්නන දවසට බයික් ගන්න වෙන්නේ
06:10
Video thumbnail
මම කාගේත් මුදල් තැන්පතු භාර අරගෙන නෑ - එළියට ආ තිස්සකුට්ටි කිව්ව කතාව
06:14
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06